Reported Journalist:Zamil Shafeek

ජාතික තරුණ සේවා සභාව මගින් වසරකට තරුණ තරුණියන් 20,000කට වෘත්තීය පුහුණුව ලබාදෙන බව තරුණ කටයුතු නියෝජ්ය අමාත්ය දිනිඳු සමන් හෙන්නායක මහතා පවසයි.මධ්යම පළාතේ ජාතික තරුණ සේවා සභා පුහුණු මධ්යස්ථානවල වෘත්තීය පුහුණුව ලැබූ තරුණ තරුණියන් සඳහා සහතිකපත් ප්රදානෝත්සවය ඊයේ (23) පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්රවණාගාරයේදී පැවැත්විණි.
මධ්යම පළාත් ආණ්ඩුකාර විශ්රාමික ප්රජා විශේෂඥ වෛද්ය හර්ෂ සුරංග ප්රනාන්දු මහතා සහ නියෝජ්ය අමාත්ය දිනිඳු සමන් හෙන්නායක මහතාගේ ප්රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවේදී පුහුණුව අවසන් කළ තරුණ තරුණියන් 409 දෙනෙකුට සහතිකපත් පිරිනැමිණි.පොල්ගොල්ල, උලපනේ, දොළුව, රිකිල්ලගස්කඩ, දඹුල්ල සහ නාඋල ඇතුළු මධ්යම පළාතේ පුහුණු මධ්යස්ථානවල පාඨමාලා හැදෑරූ පුහුණුලාභීන් සඳහා මෙලෙස සහතිකපත් පිරිනැමිණි.
මානව සම්පත් කළමනාකරණය, පෙරපාසල් අධ්යාපනය, මෝටර් කාර්මික, වෘත්තීය සූපවේදී, පරිගණක චිත්ර, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, මැහුම්, විදුලි කාර්මික, රූපලාවන්ය, කෘෂිකර්මය සහ කෘෂි යන්ත්රෝපකරණ අලුත්වැඩියා කිරීම ඇතුළු ක්ෂේත්ර රැසක පුහුණුව මෙහිදී ලබාදී තිබේ.මෙහිදී අදහස් දැක්වූ නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළේ, වෘත්තීය පුහුණුව ලබන තරුණ තරුණියන් රැකියා සොයන්නන් බවට පත් කිරීම වෙනුවට නව රැකියා අවස්ථා නිර්මාණය කරන්නන් බවට පත් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.
තරුණ පරපුර ව්යවසායකත්වය වෙත යොමු කිරීම සඳහා අදාළ අමාත්යාංශ ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කර ඇති බවද ඔහු සඳහන් කළේය.එමෙන්ම තරුණ සංවර්ධනය සම්බන්ධයෙන් ශ්රී ලංකාවේ පළමු ජාතික පර්යේෂණ සමුළුව සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බවත්, ඉදිරියේදී තරුණ සංවර්ධන වැඩසටහන් දත්ත හා තොරතුරු මත පදනම්ව ක්රියාත්මක කිරීමට කටයුතු කරන බවත් නියෝජ්ය අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය.













Discussion about this post