Reported Journalist:Zamil Shafeek

ශිරන්ති රාජපක්ෂට ඇප ලබාදීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ. සිරිලිය සවිය සංවිධානයේ ගිණුමකට අදාළ විමර්ශනයක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙලෙස ඇප මත මුදාහැරීමට නියම කර ඇත.
අල්ලස් කොමිසම වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඉදිරිපත් කළ කරුණු සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.
ජාතික ඉතිරි කිරීමේ බැංකුවට අයත් රුපියල් මිලියන 10ක මුදලක් අනීතික ලෙස සිරිලිය සවිය සංවිධානයට ලබාදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් කොමිසම විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.













Discussion about this post