• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සමුළුවක්

JanasayuraAdmin by JanasayuraAdmin
10 months ago
in Goverment, Local, News, Political, Sinhala
0
0
SHARES
30
VIEWS
Share on FacebookShare on Twitter

Reported by Fathima Zahra

“Rebuilding Sri Lanka” යටතේ ජන ජීවිතය නැවත ගොඩනැගීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් සැලසුම් කෙරෙන වැඩපිළිවෙළ සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.ආරක්ෂක, කෘෂිකර්ම, වාරිමාර්ග, ජල සම්පාදන, ධීවර, ප්‍රවාහන, නිවාස සහ ඉදිකිරීම් ආදී විෂයයන්ට අයත් අමාත්‍යාංශවල ලේකම්වරුන්, අදාළ ආයතනවල ප්‍රධානීන් සහ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් ද මේ සඳහා සහභාහී වී තිබේ. නිවාස පිරිසිදු කර ගැනීම සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 25,000 සහ ගෘහ උපකරණ මිලදී ගැනීමට ලබා දෙන රුපියල් 50,000ක දීමනාව මෙම දෙසැම්බර් 31 දිනට පෙර ලබා දීමට කටයුතු කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.එමෙන්ම නිවාස සහ වගා හානි සඳහා වන්දි ගෙවීම්, දිවයින පුරා පවත්වා ගෙන යන සුරක්ෂිත මධ්‍යස්ථානවල කටයුතු, ජනතාව නැවත පදිංචි කිරීම, ජීවනෝපාය මාර්ග යළි ගොඩ නැගීම සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වැඩ පිළිවෙළ සහ එහි ප්‍රගතිය පිළිබඳව මෙහිදී විමසා බලන ලදී.වන්දි ලබා දීමේ ක්‍රියාදාමයේදී මතුව ඇති ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, එම කටයුතු කාර්යක්ෂම කිරීම සහ කිසිවෙක් අත්නොහැරෙන පරිදි වන්දි හිමි විය යුතු සියලු දෙනාටම එම ප්‍රතිලාභය ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.එමෙන්ම ජනතාව නැවත පදිංචි කිරීම් සහ ඒ සඳහා අවශ්‍ය ඉඩම් හඳුනා ගැනිම පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, ප්‍රධාන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කළ යුතු නිවාස ව්‍යාපෘති පිළිබඳ වෙනම සැලැස්මක් සකස් කිරීමටත්, ඊට අදාළව සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් යළි කැඳවීමටත් කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසීය.එමෙන්ම අධි අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව කඩිනමින් එම ස්ථානවලින් ඉවත් කර සුරක්ෂිත ස්ථානවල පදිංචි කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා නිවාස හානි සඳහා වන්දි ලබාදීමේදී සාධාරණ සහ විනිවිද භාවයෙන් යුතුව එම කටයුතු ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද පැහැදිලි කළේය.මහ කන්නයට ගොවි ජනතාව සූදානම් කිරීම සඳහා අවශ්‍ය වාරිමාර්ග ප්‍රතිසංස්කරණය, වන්දි ලබාදීම සහ බිත්තර වී ඇතුළු පහසුකම් ලබාදීමේ වැඩසටහන්හි ක්‍රියාකාරිත්වයද ජනාධිපතිවරයා විමසා බැලීය.එමෙන්ම හානි වූ සත්ව ගොවිපොළ සඳහා වන්දි ලබා දෙමින් එම ජනතාවගේ ජීවනෝපාමාර්ග යළි ආරම්භ කිරීම, ආපදවෙන් හානි වූ කුඩා වෙළෙඳ ව්‍යාපාර යළි ආරම්භ කිරීමට සහාය වීම, ධීවර කර්මාන්තය යථාවත් කිරීම සහ පාසල් දරුවන් වෙනුවෙන් රජයෙන් ලබා දෙන රුපියල් 15,000ක දීමනාව කඩිනමින් ලබාදී අවසන් කිරීමේ වැඩසටහන්හි ප්‍රගතියද සාකච්ජා කෙරිණි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

ආපදාවට ලක් වූ ‍ව්‍යාපාරිකයන්ට ලැබෙන සහන

Next Post

நாட்டின் டிஜிட்டல் மயமாக்கலுக்கு உலக வங்கி நிதியுதவி

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
நாட்டின் டிஜிட்டல் மயமாக்கலுக்கு உலக வங்கி நிதியுதவி

நாட்டின் டிஜிட்டல் மயமாக்கலுக்கு உலக வங்கி நிதியுதவி

Discussion about this post

RECOMMENDED NEWS

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම ගැන BASL වෙතින් කනස්සල්ල

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම ගැන BASL වෙතින් කනස්සල්ල

2 months ago
මතීෂ පතිරණ IPL වෙන්දේසියේදී කෝටි 61.2කට අලෙවි වේ

මතීෂ පතිරණ IPL වෙන්දේසියේදී කෝටි 61.2කට අලෙවි වේ

10 months ago
ශීත කාලගුණයත් සමඟ වෛරස් රෝග ව්‍යාප්තිය ඉහළට

ශීත කාලගුණයත් සමඟ වෛරස් රෝග ව්‍යාප්තිය ඉහළට

9 months ago
HIV මර්දනය ශක්තිමත් කිරීමට ජාතික වැඩපිළිවෙළ පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවක්

HIV මර්දනය ශක්තිමත් කිරීමට ජාතික වැඩපිළිවෙළ පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවක්

4 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology