• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

‘බස් ලලිත්’ ඩුබායි සිට හෙට මෙරටට රැගෙන ඒමට නියමිතයි

JanasayuraAdmin by JanasayuraAdmin
2 months ago
in Local, News, Sinhala
0
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

‘බස් ලලිත්’ ඩුබායි සිට හෙට මෙරටට රැගෙන ඒමට නියමිතයිඩුබායිහිදී අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන ලලිත් කන්නන්ගර හෙවත් ‘බස් ලලිත්’ හෙට (25) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සහ රාජ්‍ය බුද්ධි සේවය එක්ව සිදුකළ විමර්ශනවලින් අනතුරුව ඩුබායි පොලිසියේ සහාය ඇතිව ඔහු පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.ඔහු ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් හා බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් මේ වන විට ඩුබායි වෙත ගොස් සිටින බව සඳහන් වේ.

හංවැල්ල සහ ඒ අවට ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලබාගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම්, කොන්ත්‍රාත් ඝාතන සහ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම් ඇතුළු චෝදනා රැසක් ඔහුට එල්ල වී ඇති බව පොලිසිය පවසයි.විමර්ශනවලදී ඝාතන කිහිපයක් සහ වෙඩි තැබීම් සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් වේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට එරෙහිව ලලිත් කන්නන්ගර ඩුබායි අධිකරණය හමුවේ නඩු පවරා තිබූ අතර, දීර්ඝ නීතිමය ක්‍රියාවලියකින් අනතුරුව ඔහුව ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට එරට අධිකරණය තීරණය කර තිබේ.එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයද පසුගිය සතියේ ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ අනුව ඔහු මෙරටට රැගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව වාර්තා වේ.මේ අතර, ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන නිකුත් කර තිබූ ශ්‍රී ලාංකික සංවිධානාත්මක අපරාධකරුවන් 16 දෙනෙකු මෙම වසර තුළ මේ වන විට මෙරටට රැගෙන ඒමට හැකිව ඇති බවද සඳහන් වේ.

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවන් කිහිපදෙනෙකුද ඉදිරියේදී ශ්‍රී ලංකාවට භාරදීමට හැකිවනු ඇතැයි පොලිසිය අපේක්ෂා කරයි.

Previous Post

ජාතික තරුණ සේවා සභාවෙන් වසරකට තරුණ තරුණියන් 20,000කට වෘත්තීය පුහුණුව

Next Post

මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “අත්තම” ජාතික පවිත්‍රතා වැඩසටහන

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “අත්තම” ජාතික පවිත්‍රතා වැඩසටහන

මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “අත්තම” ජාතික පවිත්‍රතා වැඩසටහන

Discussion about this post

RECOMMENDED NEWS

ස්කොට්ලන්තය පරදා බ්‍රසීලයට ගෝල 3-0ක ජයක්

ස්කොට්ලන්තය පරදා බ්‍රසීලයට ගෝල 3-0ක ජයක්

4 months ago
ගැටුම් තත්ත්වය උග්‍රවීම ගැන ශ්‍රී ලංකා රජයේ අවධානය – සංයමයෙන් කටයුතු කරන්නැයි සියලු පාර්ශ්වවලට ඉල්ලීමක්

ගැටුම් තත්ත්වය උග්‍රවීම ගැන ශ්‍රී ලංකා රජයේ අවධානය – සංයමයෙන් කටයුතු කරන්නැයි සියලු පාර්ශ්වවලට ඉල්ලීමක්

7 months ago
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වය ඉහළට

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වය ඉහළට

10 months ago
PM Harini Amarasooriya Stresses Cultural Respect in Education at Nava Rath Festival

PM Harini Amarasooriya Stresses Cultural Respect in Education at Nava Rath Festival

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology