Reported Journalist:Zamil Shafeek

“Clean Sri Lanka” ජාතික වැඩසටහනට සමගාමීව ක්රියාත්මක වන “පවිත්ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර – එකමුතුව එක්වෙමු – පිවිතුරු ශ්රී ලංකාවක් ගොඩනගමු” වැඩසටහන යටතේ “අත්තම” ජාතික පවිත්රතා වැඩසටහනේ ප්රගති සමාලෝචනය සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (24) මහර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේදී පැවැත්විණි.
පාර්ලිමේන්තුවේ නියෝජ්ය කාරක සභා සභාපතිනි සහ මහර ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිනි හේමාලි සුජීවා මහත්මියගේ ප්රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට ප්රාදේශීය සභාවේ උප සභාපති රසික දුමින්ද මහතා ඇතුළු මන්ත්රීවරුන්, රාජ්ය නිලධාරීන්, පොලිස් හා නාවික හමුදා නිලධාරීන් මෙන්ම ප්රජාශක්ති සභාපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ගම්පහ දිස්ත්රික් “Clean Sri Lanka” සම්බන්ධීකාරක සඳුන් සම්පත් මුතුමාල මහතා, මහර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ සම්බන්ධීකාරක ශානිකා මදුරංගි මෙනෙවිය සහ ප්රාදේශීය ලේකම් ලලිත් බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පාරම්පරික ශ්රම හුවමාරු සංකල්පය මත රාජ්ය, පෞද්ගලික සහ මහජන හවුල්කාරීත්වය (4P) පදනම් කරගනිමින් මෙම වැඩසටහන ක්රියාත්මක කෙරේ.මහර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්රාම නිලධාරී වසම් 92ම ආවරණය වන පරිදි ක්රියාත්මක වන “අත්තම” වැඩසටහන, පිරිසිදු පරිසරයක්, නීරෝගී ජනතාවක් සහ සුන්දර ශ්රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණින් මසකට වරක් අඛණ්ඩව පැවැත්වීමට සැලසුම් කර තිබේ.













Discussion about this post