Reported Journalist:Zamil Shafeek

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ කාන්තාවක් අද (14) කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර ප්රදේශයේ පදිංචි 45 හැවිරිදි මෙම කාන්තාව වසර දෙකක කාලයක් සෞදි අරාබියේ ගෘහ සේවයේ නිරතව සිට මෙරටට පැමිණ ඇති බව සඳහන් වේ.අද පෙරවරු 6.15ට පමණ ගුවන් තොටුපොළට පැමිණි ඇය, කිසිවක් ප්රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ පිටව යාමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කර තිබේ.
එහිදී ඇය රැගෙන ආ ගමන් මළු හතරක තිබී විදේශීය නිෂ්පාදිත දුම්වැටි 35,200ක් හෙවත් කාටූන් 176ක් සොයාගෙන ඇති අතර, එම දුම්වැටිවල වටිනාකම රුපියල් පනස් දෙලක්ෂ අසූ දහසකට ආසන්න බව වාර්තා වේ.
සිය සේවා කාලය අවසන් කර මෙරටට පැමිණීමේදී සාජා නුවරින් මෙම දුම්වැටි මිලදී ගත් බවට ඇයගෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ රේගු පරීක්ෂණයෙන් අනතුරුව දුම්වැටි තොගය රාජසන්තක කර ඇති අතර, සැකකාර කාන්තාවට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.












Discussion about this post