• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

කංජිපානි ඉම්රාන්ගේ මූල්‍ය හා සමාජ මාධ්‍ය මෙහෙයුම් කළ “රත්මලානේ සයිමා” ගැන තොරතුරු රැසක්…

JanasayuraAdmin by JanasayuraAdmin
2 months ago
in Local, Goverment, International, News, Political, Sinhala
0
0
SHARES
14
VIEWS
Share on FacebookShare on Twitter

Reported by: Musharraf Hussain

මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන අද (10) මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් “රත්මලානේ සයිමා” සම්බන්ධයෙන් සිදුකර ඇති විමර්ශනවලදී සංවිධානාත්මක අපරාධ රැසකට අදාළ තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

රතු නිවේදනයක් නිකුත් කර තිබූ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මැලේසියානු පොලීසියේ සහ ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇතිව සිදුකළ විශේෂ මෙහෙයුමකදීය.

41 හැවිරිදි ප්‍රධාන සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු පේරාදෙණිය සහ තිස්සමහාරාම ප්‍රදේශවලද තාවකාලිකව පදිංචිව සිට ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

2014 වසරේදී පේරාදෙණිය පොලිස් වසමේදී ගිනි අවි පෙන්වා පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදී බරපතළ තුවාල සිදුකිරීම සහ 2016 වසරේදී එම පොලිස් වසමේදීම පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකක චූදිතයෙකු ලෙස ඔහු නම් කර ඇති බව පොලීසිය පවසයි.

අදාළ නඩු සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කර තිබූ බවද සඳහන් වේ.

මීට අමතරව, 2003 වසරේදී ගල්කිස්ස පොලිස් වසමේ සිදුවූ මුදල් මංකොල්ලකෑමක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇති බවත්, 2007 වසරේදී ගල්කිස්ස පොලිස් ස්ථානය මඟින් අත්බෝම්බයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන්ද ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

“රත්මලානේ සයිමා” මැලේසියාවේදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සමඟ සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු සහ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔවුන් දෙදෙනාද වැඩිදුර විමර්ශන සඳහා අද මෙරටට රැගෙනවිත් තිබේ.

මේ අතර, පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ “රත්මලානේ සයිමා” නමැත්තා ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “කංජිපානි ඉම්රාන්”ගේ මූල්‍ය කටයුතු මෙහෙයවා ඇති බවයි.

කංජිපානි ඉම්රාන්ගේ සමාජ මාධ්‍ය කටයුතුද සයිමා නමැත්තා විසින් මෙහෙයවා ඇති අතර, ඔහුගේ හඬපට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමටද කටයුතු කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

එමෙන්ම, පසුගිය වසරේදී “කෙහෙල්බද්දර පද්මේ” නමැත්තාට මැලේසියාවේ සැඟව සිටීමට කංජිපානි ඉම්රාන්ගේ උපදෙස් මත සයිමා නමැත්තා පහසුකම් සලසා ඇති බවටද තොරතුරු අනාවරණ වී ඇත.

කලක් ප්‍රංශයේ රැඳී සිටින “කුඩු අංජු” නමැත්තාගේ සමීපතමයෙකු ලෙස කටයුතු කර ඇති සයිමා පසුව කංජිපානි ඉම්රාන් සමඟ එක්ව ඇති බවද පොලීසිය සඳහන් කරයි.

“කුඩු අංජු” විසින් සයිමා නමැත්තා ඝාතනය කිරීමට සූදානම්ව සිටි බවත්, ඒ සම්බන්ධයෙන් කංජිපානි ඉම්රාන් විසින් ඔහුට දැනුම්දීමෙන් අනතුරුව සයිමා කංජිපානි ඉම්රාන් සමඟ සමීපව කටයුතු කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

සයිමා නමැත්තා මීට වසර 10කට පමණ පෙර මැලේසියාවට පලාගොස් ඇති බවද පොලීසිය සඳහන් කරයි.සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු පොලිස්පතිවරයාගේ උපදෙස් සහ සෘජු අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

…

Previous Post

රත්මලානේ ඝාතනයට පළිගැනීමක්ද? – මාළිගාවත්ත වෙඩි තැබීම පිටුපස “කුඩු අංජු” බවට පොලිස් සැකයක්

Next Post

අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පිළිබඳව ජමියතුල් උලමා සභාව දැනුවත් කෙරේ

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පිළිබඳව ජමියතුල් උලමා සභාව දැනුවත් කෙරේ

අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පිළිබඳව ජමියතුල් උලමා සභාව දැනුවත් කෙරේ

Discussion about this post

RECOMMENDED NEWS

නව අධිකරණ සඳහා පළපුරුදු විනිසුරුවරු අවශ්‍යයි – විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමට හේතුව පැහැදිලි කරයි

නව අධිකරණ සඳහා පළපුරුදු විනිසුරුවරු අවශ්‍යයි – විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමට හේතුව පැහැදිලි කරයි

3 months ago
Colombo Municipal Council Recruits 34 New Trainee Firefighters

Colombo Municipal Council Recruits 34 New Trainee Firefighters

1 year ago
T.B. Jayah Zahira College Hosts ‘Falah ’25’ Islamic Day Celebration

T.B. Jayah Zahira College Hosts ‘Falah ’25’ Islamic Day Celebration

12 months ago
රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම පියවරක් – ඉරානයෙන් දැඩි පණිවිඩයක්

රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම පියවරක් – ඉරානයෙන් දැඩි පණිවිඩයක්

9 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology