M.R.M.Shadeer

මැඩගස්කර හමුදාව විසින් එරට පාලනය භාරගෙන ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.මැඩගස්කරයේ තරුණයින් ප්රමුඛ විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා සමඟ ඇති වූ ගැටුමකදී මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්රි රාජොයිලිනා පලාගොස් තිබුණි.ඉන්පසුව මැඩගස්කර හමුදාව එරට පාලනය භාරගෙන ඇති බව හමුදා කර්නල්වරයෙක් අද (14) පැවසීය.මේ අතර මැඩගස්කරයෙන් පලාගිය ජනාධිපතිවරයාට ධුරයෙන් පකිරීම සඳහා දෝෂාභියෝගයක් ගෙන ඒමටද මැඩගස්කරයේ පාර්ලිමේන්තුව විසින් කටයුතු කර තිබුණි.කෙසේ වෙතත් මැඩගස්කරයේ ජනාධිපතිවරයා පවසා ඇත්තේ, පාර්ලිමේන්තුව විසුරුවා ඇති පසුබික දෝෂාභියෝගය ගෙන ඒම ව්යවස්ථා විරෝධී බවය.












Discussion about this post