Zamil Shafeek

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව බලශක්ති අමාත්යවරයා ලෙස අනුර කරුණාතිලක මහතා පත් කරන ලදි.ඒ අනුව අනුර කරුණාතිලක මහතා අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ බලශක්ති අමාත්ය ධුරයේ දිවුරුම් දෙනු ලැබීය.බලශක්ති අමාත්ය ධුරයට අමතරව ඔහු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්යවරයා ලෙස ද කටයුතු කරයි.මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද සහභාගි විය.











Discussion about this post