• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

වරදවා හඳුනාගෙන අත්අඩංගුවට ගත් බවට බොරැල්ල පොලිසියට චෝදනා

JanasayuraAdmin by JanasayuraAdmin
10 months ago
in Local, News, Sinhala
0
0
SHARES
16
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

සැකකරුවෙකු යැයි සිතා තමාට පහර දුන් බවට තරුණයෙකුගෙන් පොලීසියට චෝදනා.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

සැකකරුවකුගේ රුව තමාගේ රුව සමඟ පටලවාගනිමින් බොරැල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් තමාට පහරදුන් බවට දැරණියගල ප්‍රදේශයේ පුද්ගලයෙක් චෝදනා කර තිබේ.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ දැරණියගල ප්‍රදේශයේ කුඩා අවන්හලක් පවත්වාගෙන අයෙකි.දෙසැම්බර් 30 වැනිදා රාත්‍රීයේ කොහුවල බෝධියාවත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුවූ අතර ඉන් 16 හැවිරිදි දැරියකට තුවාල සිදු විය.එම සිද්ධියට අදාළව පොලිසියට අවශ්‍ය කරන සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතමින් අතින් අඳින ලද සැකකරුවෙකුගේ සිතුවමක්ද මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබුණි.

මෙවන් පසුබිමක දැරණියගල ප්‍රදේශයේ කුඩා අවන්හලක් පවත්වාගෙන යන ළහිරු මධුසංඛ නැමැත්තා ඉකුත් ජනවාරි පළමුවැනිදා කොළඹට පැමිණ තිබුණේ සිය ව්‍යාපාරයට අවශ්‍ය බඩුබාහිරාදිය රැගෙන යාම සඳහාය.ඔහු එදින රාත්‍රීයේ බේස්ලයින් මාවතේ පිහිටි සිය බිරිඳගේ නිවසේ රැඳී සිට ඇති අතර ඊට පසුදින උදෑසන කාලයේ එම නිවසට පොලිස් නිලධාරීන් පැමිණ තිබුණි.

අනතුරුව ස්ව කැමැත්තෙන් ප්‍රකාශයක් ලබාදීමට බොරැල්ල පොලිසිය වෙත ගිය තමන්ට අදාළ සැකකරුගේ සිතුවම පෙන්වා පොලිස් නිලධාරීන් පහරදුන් බවට තරුණයා චෝදනා කර ඇත.දින 2 කට ආසන්න කාලයක් බොරැල්ල පොලිසියේ රඳවා සිටි ළහිරුව ඉන් නිදහස් කර ඇත්තේ ඉකුත් 3 වැනිදා පස්වරුවේදීය.මෙම චෝදනාව සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් විමසීමක් සිදු කළේය.

එහිදී ස්ථානාධිපතිවරයා පැවසුවේ සැකපිට අත්අඩංගුවට ගත් අදාළ තරුණයාගේ තොරතුරු පරීක්ෂා කර පොලිස් ඇප මත මුදාහැරීමට පියවර ගත් බවය.කෙසේ වෙතත් ඔහුට පහරදුන් බවට පොලිසියට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

Previous Post

මදුරෝව අල්ලා ගැනීමෙන් පසු රන්–රිදී මිල ගණන් ඉහළට

Next Post

කීර්ති නාමයට හානි කළ බවට චෝදනා කරමින් හිරු හා දෙරණට රු. බිලියන 3ක නීති නොතීසි

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
කීර්ති නාමයට හානි කළ බවට චෝදනා කරමින් හිරු හා දෙරණට රු. බිලියන 3ක නීති නොතීසි

කීර්ති නාමයට හානි කළ බවට චෝදනා කරමින් හිරු හා දෙරණට රු. බිලියන 3ක නීති නොතීසි

Discussion about this post

RECOMMENDED NEWS

Lanka Business Alliance Hosts Inaugural International Business Networking Meeting in Colombo

Lanka Business Alliance Hosts Inaugural International Business Networking Meeting in Colombo

1 year ago
LPL අවසන් සටන අද!

LPL අවසන් සටන අද!

3 months ago
බන්ධනාගාරවලින් පසුගිය වසර කිහිපය තුළ සිරකරුවන් 1,178ක් පලා ගිහින්

බන්ධනාගාරවලින් පසුගිය වසර කිහිපය තුළ සිරකරුවන් 1,178ක් පලා ගිහින්

2 months ago
අඟහරුවාදා වන විට ලිට්‍රෝ ගෑස් හිඟය අවසන් කරන බව සමාගම කියයි

අඟහරුවාදා වන විට ලිට්‍රෝ ගෑස් හිඟය අවසන් කරන බව සමාගම කියයි

1 week ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology