Reported Journalist:Zamil Shafeek

පසුගිය වසර කිහිපය තුළ සිරකරුවන් 1,178 දෙනෙකු පමණ බන්ධනාගාරවලින් පලා ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වාර්තාවකින් හෙළි වී තිබේ.
වාර්තාවට අනුව, 2019 වසරේදී සිරකරුවන් 153 දෙනෙකු, 2020 වසරේදී 110 දෙනෙකු, 2021 වසරේදී 103 දෙනෙකු, 2022 වසරේදී 231 දෙනෙකු, 2023 වසරේදී 207 දෙනෙකු, 2024 වසරේදී 188 දෙනෙකු සහ 2025 වසරේදී 186 දෙනෙකු බන්ධනාගාරවලින් පලා ගොස් ඇත.එම පිරිස අතරින් සිරකරුවන් 474 දෙනෙකු පමණ නැවත අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් 734 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තාවේ සඳහන් වේ.
බන්ධනාගාර පද්ධතිය සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳීම සඳහා පියවර ගන්නා බව රජය ප්රකාශ කර තිබේ.එමෙන්ම, 22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය පළාත්වලදී රැස්වීමට කටයුතු කරන බවටද රජය සහතික වී ඇත.
නඩු විභාග කඩිනම් කිරීම සඳහා විනිසුරුවරුන් සංඛ්යාව වැඩි කිරීමට ද රජය පියවර ගන්නා බව සඳහන් කර තිබේ.













Discussion about this post