Reported Journalist:Zamil Shafeek

ශ්රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිවරයා ලෙස එරික් මේයර් මහතා වොෂින්ටන් නුවර පිහිටි අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවේදී නිල වශයෙන් දිවුරුම් දී තිබේ.කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය මේ බව තහවුරු කර ඇත.
අමෙරිකානු නියෝජ්ය රාජ්ය ලේකම් ලැන්ඩා මහතාගේ ප්රධානත්වයෙන් පැවති දිවුරුම් දීමේ උත්සවයෙන් අනතුරුව, රාජ්ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්ය ආසියානු කටයුතු කාර්යාංශය මේයර් මහතාට සුබපැතුම් එක් කර තිබේ.
දකුණු සහ මධ්ය ආසියානු කටයුතු සම්බන්ධයෙන් පුළුල් අත්දැකීම් ඇති ජ්යෙෂ්ඨ විදේශ සේවා නිලධාරියෙකු වන එරික් මේයර් මහතා, තානාපති ධුරයට පත්වීමට පෙර එම කාර්යාංශයේ ජ්යෙෂ්ඨ කාර්යාංශ නිලධාරියා ලෙස කටයුතු කර ඇත.අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඔහුගේ නායකත්වය යටතේ කටයුතු කිරීමට කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය සහ එහි කාර්ය මණ්ඩලය බලාපොරොත්තු වන බව සඳහන් කර තිබේ.
වොෂින්ටනය සහ කොළඹ අතර හවුල් අවශ්යතා හා ප්රමුඛතා ඉදිරියට ගෙන යාම කෙරෙහි මේයර් මහතාගේ ධුර කාලය තුළ විශේෂ අවධානය යොමු කෙරෙනු ඇති බවද තානාපති කාර්යාලය පවසයි.ආර්ථික සහයෝගීතාව, කලාපීය ආරක්ෂාව, යහපාලනය සහ සංවර්ධනය ඇතුළු ක්ෂේත්ර ගණනාවක් සම්බන්ධයෙන් අමෙරිකාව සහ ශ්රී ලංකාව අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම නව තානාපතිවරයාගේ ධුර කාලයේ ප්රධාන අවධානයක් වනු ඇත.
නව තානාපතිවරයා ඉතා ඉක්මනින් ශ්රී ලංකාවට පිළිගැනීමටත්, දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා ඔහු සමඟ එක්ව කටයුතු කිරීමටත් සූදානම් බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර ඇත.













Discussion about this post