Reported Journalist:Zamil Shafeek

අද (11) උදෑසන තාවකාලිකව වසා දැමූ කුවේට් ගුවන් කලාපය මේවන විට නැවත විවෘත කර ඇත .අද අලුයම කුවේටයේ සහ බහරේනයේ අමෙරිකානු ගුවන් කඳවුරු ඉලක්ක කර ගනිමින් ප්රහාරයක් දියත් කළ බව IRGC ආරක්ෂකයින් පැවසීමත් සමඟ කුවේට් ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට එරට බළධාරීන් පියවර ගෙන තිබුණි.
ඒ හේතුවෙන් කුවේට් වෙත පැමිණි ගුවන්යානා නැවත හරවා යවා ඇති බවද එරට සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසා තිබේ.ඒ අනුව තත්ත්වය සමනය වීමත් සමඟ තාවකාලිකව වසා දැමූ කුවේට් ගුවන් සීමාව මේ වන විට නැවත විවෘත කර ඇති බව විදෙස් වාර්තා ප්රකාශ කරයි .












Discussion about this post