• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Uncategorized

Group of Sixties සංවිධානයෙන් ප්‍රථම Zahira Invitational 7’s Rugby තරගාවලිය

JanasayuraAdmin by JanasayuraAdmin
3 months ago
in Uncategorized
0
0
SHARES
16
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

සහිරා විද්‍යාලය, Group of Sixties සංවිධානය විසින් සංවිධානය කරන ප්‍රථම Zahira Invitational 7’s Rugby තරගාවලිය ජූලි 19 වැනිදා කොළඹ රාජකීය ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාසල් රග්බි කණ්ඩායම් 12ක් එක්දින වේගවත් හා උද්යෝගිමත් තරගාවලියකට එක්වන බව සංවිධායකයෝ නිවේදනය කළහ.

Related posts

ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනවාරි 17දා සිට – 12,000කට අධික පිරිසක් එක්වෙති…

ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනවාරි 17දා සිට – 12,000කට අධික පිරිසක් එක්වෙති…

October 7, 2026
කැමරූන් දේශසීමාව ආසන්නයේ ඛේදවාචකයක් – රන් ආකරයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් මරුට…

කැමරූන් දේශසීමාව ආසන්නයේ ඛේදවාචකයක් – රන් ආකරයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් මරුට…

August 20, 2026

මෙම තරගාවලිය සඳහා සහභාගි වන පාසල් වන්නේ සහිරා විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, ඩී.එස්. සේනානායක විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, සයන්ස් විද්‍යාලය, ලුම්බිණි විද්‍යාලය, මහානාම විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය, විද්‍යාර්ථ විද්‍යාලය, සුමංගල විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලයයි.

මෙම තරගාවලිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් ජූලි 10 වැනි සිකුරාදා සහිරා විද්‍යාලයේ අබ්දුල් ගෆූර් ශාලාවේදී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ සංවිධායකයන් පැවසුවේ, ශ්‍රී ලංකා පාසල් රග්බි ක්‍රීඩාවේ ගෞරවාන්විත සම්ප්‍රදාය සමරමින් රටේ නැගී එන තරුණ රග්බි ක්‍රීඩකයන්ට ඉහළ මට්ටමේ තරගකාරී වේදිකාවක් සපයා දීම මෙම තරගාවලියේ අරමුණ බවයි.

තවද, ඉහළ තරගකාරීත්වයකින් යුත් තරග, විශිෂ්ට දක්ෂතා සහ අනාගත රග්බි තරුන්ගේ දක්ෂතා සමීපයෙන් නැරඹීමේ අවස්ථාවක් ප්‍රේක්ෂකයන්ට හිමිවන බවද ඔවුහු සඳහන් කළහ.

මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස Moose Clothing කටයුතු කරන අතර, Diamond Milk සම අනුග්‍රාහකයා ලෙස එක්වී ඇත. නිල හවුල්කරුවන් ලෙස The Papare.com (විකාශන හවුල්කරු), Knockout Sports Sri Lanka (සමාජ මාධ්‍ය හවුල්කරු), Ralhum Sports (පන්දු හවුල්කරු), Mark UI (නිර්මාණ හවුල්කරු), MILO (ශක්තිජනක පානය හවුල්කරු) සහ Maggi (ආහාර හවුල්කරු) කටයුතු කරයි.

මාධ්‍ය හමුව අමතමින් සහිරා විද්‍යාලයේ විදුහල්පති ට්‍රිස්වි මාරිකාර් මහතා, විද්‍යාලයේ ගෞරවාන්විත රග්බි ඉතිහාසය සහ තරුණ ක්‍රීඩා දක්ෂතා වර්ධනය කිරීම සඳහා විද්‍යාලය අඛණ්ඩව ලබාදෙන දායකත්වය පිළිබඳව අවධාරණය කළේය.

සහිරා විද්‍යාලයේ Group of Sixties සංවිධානය රට පුරා සිටින රග්බි ලෝලීන්ට මෙම තරගාවලියට පැමිණ, මෙම ක්‍රීඩා සමයේ වඩාත් ආකර්ෂණීය පාසල් රග්බි තරගාවලිවලින් එකක් ලෙස සැලකෙන මෙම අවස්ථාව අත්විඳින ලෙස ආරාධනා කර ඇත.

මෙම මාධ්‍ය හමුවට Group of Sixties සභාපති අස්මි යූසුෆ් , ව්‍යාපෘති සභාපති එම්.එස්. මසීර් , ලේකම් මුහීසීන් අරිෆ් යන මහත්වරුන් මහතා ඇතුළු සංවිධාන කමිටුවේ සාමාජිකයෝ රැසක් ද එක්ව සිටියහ.

Previous Post

Hameedians 7s Season 6 Concludes with Thrilling Veteran Football Action

Next Post

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක්

Related Posts

ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනවාරි 17දා සිට – 12,000කට අධික පිරිසක් එක්වෙති…
News

ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනවාරි 17දා සිට – 12,000කට අධික පිරිසක් එක්වෙති…

October 7, 2026
කැමරූන් දේශසීමාව ආසන්නයේ ඛේදවාචකයක් – රන් ආකරයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් මරුට…
International

කැමරූන් දේශසීමාව ආසන්නයේ ඛේදවාචකයක් – රන් ආකරයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් මරුට…

August 20, 2026
රත්මලානේ ඝාතනයට පළිගැනීමක්ද? – මාළිගාවත්ත වෙඩි තැබීම පිටුපස “කුඩු අංජු” බවට පොලිස් සැකයක්
Local

රත්මලානේ ඝාතනයට පළිගැනීමක්ද? – මාළිගාවත්ත වෙඩි තැබීම පිටුපස “කුඩු අංජු” බවට පොලිස් සැකයක්

August 10, 2026
මත්ද්‍රව්‍ය අපරාධවලට මරණ දඬුවම? “රටම එකට” මෙහෙයුම් සභාවේදී විශේෂ අවධානය…
Goverment

මත්ද්‍රව්‍ය අපරාධවලට මරණ දඬුවම? “රටම එකට” මෙහෙයුම් සභාවේදී විශේෂ අවධානය…

August 10, 2026
කාංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු බව කියන “රත්මලානේ සයිමා” දිවයිනට…
Local

කාංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු බව කියන “රත්මලානේ සයිමා” දිවයිනට…

August 10, 2026
පෙම්වතුන් ලෙස පෙනී සිටින වංචනිකයන්ගෙන් ප්‍රවේසම් වන්න: පොලීසියෙන් රතු නිවේදනයක්
Uncategorized

පෙම්වතුන් ලෙස පෙනී සිටින වංචනිකයන්ගෙන් ප්‍රවේසම් වන්න: පොලීසියෙන් රතු නිවේදනයක්

June 20, 2026
Next Post
ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක්

Discussion about this post

RECOMMENDED NEWS

ඉරාන යුද්ධය බොහෝදුරට අවසන් – Donald Trump

ඉරාන යුද්ධය බොහෝදුරට අවසන් – Donald Trump

8 months ago
රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය තවත් මසකින් දීර්ඝ කෙරේ

රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය තවත් මසකින් දීර්ඝ කෙරේ

6 months ago
Annual Prize Giving Ceremony of Madhrasathul Sabeelur Rashad Held with Grand Participation

Annual Prize Giving Ceremony of Madhrasathul Sabeelur Rashad Held with Grand Participation

10 months ago
ශ්‍රී ලංකා–එක්සත් ජාතීන් හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට Davos හමුවක්

ශ්‍රී ලංකා–එක්සත් ජාතීන් හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට Davos හමුවක්

9 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology