Reported Journalist:Zamil Shafeek

අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ජනවාරි 21 වැනිදා ස්විට්සර්ලන්තයේ නිල සංචාරය අතරතුර, Davos හි දී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නියෝජනය කරන Alexander De Croo මහතා හමුවුණා.
ශ්රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර පවතින ශක්තිමත් හවුල්කාරිත්වය අගය කළ අග්රාමාත්යවරිය ගංවතුර සහනාධාර සහ ජන ජිවිතය යථා තත්ත්වයට පත් කර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබා දුන් සහයෝගය පැසසුමට ලක් කළ අතර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබුණු ජනවරමට සාධාරණයක් ඉටු කරමින්, මහජන විශ්වාසය, යහපාලනය සහ අවදානමට ලක්විය හැකි ප්රජාවන් සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂා වැඩපිළිවෙළක් සකස් කරමින් ජනතාවගේ අපේක්ෂාවන් ඉටු වන ජාතියක් ගොඩ නැගීම කෙරෙහි රජය අවධානය යොමු කර ඇති බව ඇය තවදුරටත් සඳහන් කළා.













Discussion about this post