• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home News

ගුවන්තොටුපොළේ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

JanasayuraAdmin by JanasayuraAdmin
1 year ago
in News, Sinhala
0
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

M.R.M.Shadeer

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් වූ ඉහළ පෙළේ සමාලෝචන සාකච්ඡාවක් අද (23) පැවැත්විණි.ඒ වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ සහ ආරක්ෂක ලේකම් එයාර්වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තගේ ප්‍රධානත්වයෙනි.ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාව විවෘත කරන ප්‍රධාන ගුවන් දොරටුව වන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සමස්ථ ආරක්ෂාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබේ.එහිදී අදහස් දැක් වූ ආරක්‍ෂක ලේකම්වරයා, ජාතික ආරක්ෂාව, ආර්ථික වර්ධනය සහ ජාත්‍යන්තර සම්බන්ධතාවලදී ගුවන්තොටුපොළෙහි ඇති තීරණාත්මක කාර්යභාරය සඳහන් කරමින්, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඉහළම ආරක්ෂක විධිවිධාන පවත්වා ගෙන යාමේ වැදගත්කම ද අවධාරණය කළේය. මගීන්ගේ මෙන්ම ගුවන් කාර්ය මණ්ඩලවල, ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලයේ සහ ගුවන්තොටුපොළ මෙහෙයුම් සමඟ සම්බන්ධ අනෙකුත් සියලුම පුද්ගලයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීමේ වැදගත්කම ද එහිදී ඔහු අවධාරණය කර තිබේ.එමෙන්ම ගුවන්තොටුපොළේ කටයුතු පවත්වා ගෙන යාම සඳහා සියලුම පාර්ශවකරුවන්ගේ කැපවීම එහිදී ඔහු අගය කළ අතර, ගුවන්තොටුපොළේ ඉහළම ආරක්ෂණ සහ ආරක්ෂක ප්‍රමිතීන් පවත්වා ගෙන යාම සඳහා අඛණ්ඩ සම්බන්ධීකරණයේ වැදගත්කම ද අවධාරණය කළේය.නීතිවිරෝධී ක්‍රියා මැඩපැවැත්වීම, ආයතන අතර සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම සහ සිදුවිය හැකි තර්ජන සඳහා දැනට පවතින ප්‍රතිචාර යාන්ත්‍රණ වැඩි දියුණු කිරීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු ව ඇත.මෙම අවස්ථාවට සහභාගී වූ නිලධාරින්, ඔවුන්ට අදාළ ක්ෂේත්‍රවල මුහුණ දෙන අභියෝග පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කර ගෙන ඇති අතර පවත්නා ක්‍රියා පටිපාටියේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ප්‍රායෝගික විසඳුම් ද ඉදිරිපත් කර තිබේ.සියලු ආයතනවල සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරමින්, ගුවන්තොටුපොළේ ආරක්ෂක කළමනාකරණය වඩාත් කාර්යක්ෂම හා ඒකාබද්ධ ප්‍රවේශයක් ඔස්සේ පවත්වා ගෙන යාම සඳහා විශේෂිත ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීමට ද මෙම හමුවේදී ඒකමතිකව එකඟතාවය ද පළ වී ඇත.මෙම සාකච්ඡාවෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ සෙසු ඉහළ නිලධාරීන්, ගුවන්තොටු පොළේ දැනට ක්‍රියාත්මක ආරක්ෂක විධිවිධාන පිළිබඳව සොයා බැලීම සඳහා එම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

2026 සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙයි

Next Post

மேல்மாகாண 19 வயதுக்குட்பட்டோர் கால்பந்து போட்டியை மலேசிய உயர்ஸ்தானிகர் தொடக்கி வைத்தார்

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
மேல்மாகாண 19 வயதுக்குட்பட்டோர் கால்பந்து போட்டியை மலேசிய உயர்ஸ்தானிகர் தொடக்கி வைத்தார்

மேல்மாகாண 19 வயதுக்குட்பட்டோர் கால்பந்து போட்டியை மலேசிய உயர்ஸ்தானிகர் தொடக்கி வைத்தார்

Discussion about this post

RECOMMENDED NEWS

වවුනියාව නගරාධිපති සහ චාවකච්චේරි උප සභාපති ධුරවලින් ඉවත් කෙරේ

වවුනියාව නගරාධිපති සහ චාවකච්චේරි උප සභාපති ධුරවලින් ඉවත් කෙරේ

4 months ago
Maligawatte Masjid Federation Hosts Janaaza Awareness Programme on Legal Procedures After Death

Maligawatte Masjid Federation Hosts Janaaza Awareness Programme on Legal Procedures After Death

1 year ago
වෝල්කර් ටර්ක් යළිත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් ධුරයට තේරේ

වෝල්කර් ටර්ක් යළිත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් ධුරයට තේරේ

3 months ago
Colombo Mayor Represents Non-Chinese Cities at Silk Road Cities Tourism Alliance in Quanzhou

Colombo Mayor Represents Non-Chinese Cities at Silk Road Cities Tourism Alliance in Quanzhou

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology