• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

2026 සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙයි

JanasayuraAdmin by JanasayuraAdmin
1 year ago
in Local, News
0
0
SHARES
21
VIEWS
Share on FacebookShare on Twitter

M.R.M.Shadeer

ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත 1 ශ්‍රේණියේ සහ 6 ශ්‍රේණියේ විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා වූ උපදෙස් සංග්‍රහය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.ඒ අනුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අදාළ චක්‍රලේඛ සහ මාර්ගෝපදේශ ඉදිරියේදි නිකුත් කිරීමට නියමිතය.2026 වර්ෂයේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට රජය මේ වනවිට අවශ්‍ය පියවර ගනිමින් සිටී.ඒ අනුව ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත 1 ශ්‍රෙණියේ සහ 6 ශ්‍රෙණියේ විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා වූ උපදෙස් සංග්‍රහය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ නිකුත් කරනු ලැබීය.නව ප්‍රතිසංස්කරණ යටතේ ප්‍රාථමික අධ්‍යාපනය අවධි තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.ඒ 1,2 ශ්‍රේණි පළමු ප්‍රධාන අවධිය, 3,4 ශ්‍රේණි දෙවන ප්‍රධාන අවධිය සහ 5 වන ශ්‍රේණියේ තෙවැනි ප්‍රධාන අවධිය ලෙසය.1 සිට 5 ශ්‍රේණි දක්වා විෂයමාලාව සැකසී ඇත්තේ මව් භාෂාව, ඉංග්‍රීසි භාෂාව, දෙවන ජාතික භාෂාව, ගණිතය, ආගම සහ සාරධර්ම අධ්‍යාපනය, ආරම්භක විද්‍යාව සහ පරිසරය ආශ්‍රිත ක්‍රියාකරකම්, ඒකාබද්ධ සෞන්දර්ය අධ්‍යාපනය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය සහ විෂය සමගාමි ක්‍රියාකාරකම් යනාදී පොදු ඉගෙනුම් ක්ෂේත්‍ර 9ක් යටතේය.ප්‍රාථමික අංශයේ 1,2,3 සහ 4 යන ශ්‍රේණි සඳහා පාසල් පවත්වන කාලයේ කිසිදු වෙනසක් සිදු නොවන අතර 5 වැනි ශ්‍රේණිය සඳහා පෙරවරු 7.30 සිට පස්වරු 2.00 දක්වා පාසල් පැවැත්වීමට නියමිතය.පළමු ශ්‍රෙණියේ සිසුන් සඳහා පෙළපොත් වෙනුවට නව විෂය නිර්දේශයට අදාළව ජාතික අධ්‍යාපන ආයතනය මගින් සම්පාදිත ක්‍රියාකාරකම් පොත් ලබාදීමට සැලසුම් කර ඇත.කණිෂ්ඨ ද්විතීක අධ්‍යාපනය 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වන අතර ලබන වසරේ සිට 6 ශ්‍රේණිය සඳහා නව විෂයමාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද උපදෙස් සංග්‍රහයේ සඳහන් වේ.එම ශ්‍රේණිවල සියලු සිසුන් අනිවාර්යය විෂයන් 14ක් හැදෑරීමට අවශ්‍ය වන අතර ක්‍රීඩා හා සමිති සමාගම් සඳහා සහභාගී වීමට ද සෑම දරුවෙකුටම අවකාශ ලබා දී තිබේ.අනිවාර්යය විෂයන් 14 මොඩියුල මගින් ඉගැන්වීමට අපේක්ෂා කෙරෙන අතර විෂයන් අනුව වාරයකට ඉගෙනීමට අවශ්‍යම මොඩියුල සංඛ්‍යාව තීරණය වනු ඇත.06 වැනි ශ්‍රේණියේ සිට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ජීවිතය සඳහා තාක්ෂණය සහ ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව ලෙස නව විෂයන් තුනක් හඳුන්වාදීමට නියමිතය.කණිෂ්ට ද්විතීක අංශයේ පාසල් පැවැත්වෙන කාලය පෙරවරු 7.30 සිට පස්වරු 2.00 දක්වා සිදු වන අතර මිනිත්තු 50 බැගින් කාලපරිච්ඡේද 7ක් මෙහිදි හඳුන්වා දී ඇත.මේ අතර 2027 වසරේ සිට පෙරපාසල් සඳහා එකම විෂයමාලා රාමුවක් හදුන්වාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව ඊයේ පාර්ලිමේන්තුවේ දී රැස් වු අවස්ථාවේදීය.පූර්ව ළමාවිය විෂය මාලාරාමුව මේ විට සම්පූර්ණ කර අවසන් ව ඇති අතර, 19,000කට ආසන්න පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ නිලධාරීන්ගේ පුහුණු වැඩසටහන නොවැම්බර් මස 25 දින ආරම්භ කිරීමට නියමිතව ඇති බවද අග්‍රාමාත්‍යවරිය අනාවරණ කළාය.එහිදී අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ පාසල් කිසිවක් වසාදැමීම සිදු නොකරන අතර පාසල් ඒකාබද්ධ කර සංවර්ධනය කිරීම රජයේ ප්‍රතිපත්තිය බවය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

මිනින්දෝරු දෙපාර්තමේන්තුවට අලුත් සර්වේයර් ජනරාල්වරයෙක්

Next Post

ගුවන්තොටුපොළේ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ගුවන්තොටුපොළේ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

ගුවන්තොටුපොළේ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

Discussion about this post

RECOMMENDED NEWS

එයාර් ඉන්දියා ගුවන් අනතුර සම්බන්ධයෙන් බෝයිං සමාගමට නඩු

1 year ago
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක්

මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක්

3 months ago
උසස් පෙළ ඉතිරි විෂයයන් සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට උපකාරක පන්ති හා ප්‍රචාරණ කටයුතු තහනම්

උසස් පෙළ ඉතිරි විෂයයන් සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට උපකාරක පන්ති හා ප්‍රචාරණ කටයුතු තහනම්

10 months ago
රේගුව රඳවාගත් වාහන ඇපකර මත මුදා හැරීම සොයා බලන්න

රේගුව රඳවාගත් වාහන ඇපකර මත මුදා හැරීම සොයා බලන්න

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology