Reported Journalist:Zamil Shafeek

අඩු ආදායම්ලාභී පවුල් සවිබල ගැන්වීමේ අරමුණින් එම පවුල්වල තරුණ තරුණියන් රැකියා ඉලක්ක කරගත් වෘත්තීය පුහුණුව සඳහා යොමු කිරීම අරමුණු කරගනිමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා ජාතික තරුණ සේවා සභාව අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ඊයේ (24) දින මහරගම ජාතික තරුණ සේවා සභාවේදී සිදුවිය.

ශ්රී ලංකා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පාඨමාලා ගාස්තු ගෙවීමේ පදනම මත ජාතික තරුණ සේවා සභාවේ දිවයින පුරා මධ්යස්ථාන වලින් ක්රියාත්මක වන NVQ පුහුණු පාඨමාලා හැදෑරීමේ පහසුකම අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් සඳහා ලබා දීම මෙමගින් සිදු වේ.
ජාතික තරුණ සේවා සභාව වෙනුවෙන් සභාපති/අධ්යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධ්යක්ෂ ජනරාල් චම්පික දිලාන් කළුආරච්චි මේ සදහා සහභාගී විය.













Discussion about this post