• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

ඉමාම් කොමේයිනිගේ 37 වන සමරු උත්සවය කොළඹදී අභිමානවත් අයුරින් පැවැත්වේ

JanasayuraAdmin by JanasayuraAdmin
5 months ago
in Local, News, Sinhala
0
0
SHARES
29
VIEWS
Share on FacebookShare on Twitter

ඉරාන ඉස්ලාමීය ජනරජයේ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ඉරාන විප්ලවයේ නායක ඉමාම් කොමේයිනිගේ අභාවයේ 37 වන සමරු උත්සවය, 2026 ජූනි 4 වන බ්‍රහස්පතින්දා දින ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ “තරංගනී” රංග ශාලාවේදී පැවැත්විණි.

ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති කාර්යාලයේ සංස්කෘතික ප්‍රධනි අලි කෙබ්‍රියායි සාදෙහ් (Ali Kebriaei Zadeh) මහතා ආරම්භක ආරාධනා කතාව සිදු කළේය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

ඉරාන ඉස්ලාමීය ජනරජය හා මාලදිවයින සඳහා වූ තානාපති ආචාර්ය අලි රෙසා ඩෙල්කොෂ් (Dr. Ali Reza Delkhosh) මහතා උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කරමින් පැවසුවේ 1979 ඉරාන ඉස්ලාමීය විප්ලවය සාමාන්‍ය දේශපාලන වෙනසක් හෝ බලය හුදෙක් වෙනස් වීමක් නොව, ජාත්‍යන්තර වේදිකාවේ “ආධිපත්‍යය සහ ආධිපත්‍යයට යටත්වීම” යන දෙකම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීම අරමුණු කරගත් මූලික පරිවර්තනයක් බවයි.

ඔහු තවදුරටත් සඳහන් කළේ, එම විප්ලවය ඉරාන ජනතාව කිසිවෙකු පීඩනයට පත් නොකරන අතර, කිසිදු බලයක පීඩනයට හෝ අහංකාරයට යට නොවන බව ලෝකයට හඬගා ප්‍රකාශ කළ බවය.බ්‍රසීලය, සවුදි අරාබිය, නෙදර්ලන්තය සඳහා හිටපු තානාපතිවරයෙකු සහ මාලදිවයින හිටපු මහ කොමසාරිස් A. M. J. සාදික් මහතා සහ හෂිමි පදනමේ සභාපති ලාෆිර් මදනි මහතාද උත්සවයේදී අදහස් දැක්වූහ.

මෙම උත්සවයට ආගමික නායකයන්, මාධ්‍යවේදීන් සහ තානාපති කාර්යාල නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. ඉමාම් කොමේයිනි පිළිබඳ වීඩියෝ ප්‍රදර්ශනයක්ද, අහ්මඩ් සුබෙයර් විසින් ඉදිරිපත් කරන ලද කසීදා ගයනා වැඩසටහනක්ද මෙයට ඇතුළත් විය.

Previous Post

ඥානසාර හිමියන්ට එරෙහි නඩුව ජුනි 26 දා කැඳවයි

Next Post

ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමට නියෝජිත මන්ත්‍රී මණ්ඩල අනුමැතිය

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමට නියෝජිත මන්ත්‍රී මණ්ඩල අනුමැතිය

ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමට නියෝජිත මන්ත්‍රී මණ්ඩල අනුමැතිය

Discussion about this post

RECOMMENDED NEWS

යාපනයේදී රුපියල් මිලියන 36ක කේරළ ගංජා තොගයක් STF දැලේ

යාපනයේදී රුපියල් මිලියන 36ක කේරළ ගංජා තොගයක් STF දැලේ

5 months ago

සමඟිය හා සමානාත්මතාව සඳහා ආගම් අතර සහෝදරත්වය අග්‍රාමාත්‍යතුමිය අවධාරණය

1 year ago
පළාත් පාලන අයවැය පරාජය වුවද රජයේ පැවැත්මට බලපෑමක් නැහැ – මහින්ද ජයසිංහ

පළාත් පාලන අයවැය පරාජය වුවද රජයේ පැවැත්මට බලපෑමක් නැහැ – මහින්ද ජයසිංහ

10 months ago
අමෙරිකා–ඉරාන නොසන්සුන්තාව හමුවේ ලෝක බොරතෙල් මිල තවදුරටත් ඉහළට

අමෙරිකා–ඉරාන නොසන්සුන්තාව හමුවේ ලෝක බොරතෙල් මිල තවදුරටත් ඉහළට

3 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology