
Reported Journalist:Zamil Shafeek
අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය නොසන්සුන්තාව හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
පසුගිය සති හයක කාලය තුළ වාර්තා වූ ඉහළම මට්ටමට ළඟාවෙමින්, බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 98 සීමාව ඉක්මවා ඇති අතර, WTI බොරතෙල් බැරලයක මිලද අමෙරිකානු ඩොලර් 90 ඉක්මවා ගොස් ඇති බව සඳහන් වේ.
බොරතෙල් මිලේ මෙම ඉහළ යාම ආසියානු වෙළෙඳපොළටද සැලකිය යුතු බලපෑමක් එල්ල කර ඇති අතර, ඉදිරියේදී ඉන්ධන සහ ප්රවාහන වියදම් තවදුරටත් ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.












Discussion about this post