• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

මාධ්‍ය නිදහස මර්දනය කර පොලිස් රාජ්‍යයක් බිහිකිරීමට රජය උත්සාහ කරයි – සජිත් ප්‍රේමදාස

JanasayuraAdmin by JanasayuraAdmin
10 months ago
in Local, News, Political
0
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

වත්මන් රජය අදහස් පළ කිරීමේ නිදහසට බාධා කර පොලිසිය හරහා ඒකාධිපති පාලනයකට රට ගෙන යෑමට කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරනවා.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

මේ වන විට රටේ ජනතාවට සත්‍ය තොරතුරු දැන ගැනීමේ අයිතිය ඉවත් කර පොලිස් රාජ්‍යයක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වන්නට නම් මාධ්‍ය නිදහස සුරක්ෂිත වී ස්වාධීන මාධ්‍යයට තැන දිය යුතු බවත් මේ හරහා සංවරණ හා තුළන ක්‍රියාවලියට සවියක් වන නමුත් වත්මන් රජය ස්වාධීන මාධ්‍ය ක්‍රියාවලියට බලපෑම් කර පොලිසිය උපයෝගී කර ගෙන ස්වාධීන මාධ්‍යයට තර්ජනය කරන්න යන බවත් සජිත් ප්‍රේමදාස පෙන්වා දෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ වර්තමානයේ වත්මන් රජය ස්වාධීන මාධ්‍ය වෙත එල්ල කරන බලපෑම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන ප්‍රධාන කුළුණු හතර වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය , අධිකරණය සහ ස්වාධීන මාධ්‍ය වුවත් මේ මොහොත වන විට වත්මන් රජය පොලිසිය උපයෝගී කර ගෙන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියත් පොලිසියේ සේවය කරන නිලධාරීන්ගේ අයිතියත් උල්ලංඝණය කරමින් සිටින බව ද සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරනවා.

ස්වාධීන මාධ්‍ය තමන්ගේ මතය හේතු කරුණු කාරණා සාක්ෂි මත පදනම්ව ඉදිරිපත් කළත් එය උල්ලංඝණය කරන්න කටයුතු කිරීම යනු ප්‍රජාතන්ත්‍රවාදී රට පොලිස් රාජ්‍යක් බවට පත් කිරීමට උත්සාහ කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.මෙරට නිහඬ බහුතරයේ හඬ වන්නේ ස්වාධීන මාධ්‍ය බැවින් එය මර්දනය නොකළ යුතු බවත් මේ මාධ්‍ය මර්දනය යනු ඒකාධිපති පාලනයකට අත පෙවීමක් බවත් ⁣ජනතාව ජන වරම දුන්නේ ඒකාධිපති පාලනයකට හෝ පොලිස් රාජ්‍යයක් ඇති කිරීමට නොවන බවත් රජය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි කිරීමට උත්සාහ කරන්නේ නම් ඒ වෙනුවෙන් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරනවා.

තවද පොලිසියේ ස්වාධීනත්වයට පවා බලපෑම් එල්ල කරන නිස අපක්ෂපාතීව සේවය කිරීමට නොහැකි වී ඇති බවත් දේශපාලන බලපෑමෙන් තොරව සේවය කරන්න නොහැකි වී ඇති බවත් කතා කිරීම අදහස් පළ කිරීමේ නිදහසට බලපෑම් කිරීම යනු ඒකාධිපති පාලනයකට රට ගෙන යාමක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

සත්‍යය හෙළිදරව් කිරීමේ අයිතිය මාධ්‍යයට ඇති බවත් එයට බලපැම් කිරීම යනු ලක්ෂ 220 ජනතාවගේ අයිතිය උල්ලංඝණය කිරීමක් බවත් මේ වන විට පළාත් පාලන ආයතනවල අයවැය ගැන මතය ප්‍රකාශ කිරිමේ ඉඩකඩ පවා උල්ලංඝණය කරමින් සිටින බවත් පළාත් පාලන ආයතනවල අයවැය ගැන පවා අදහස් පළ කිරීමට නොහැකි වී ඇති බවත් මීගමුවේ සහ හොරණ සිදු වුයේ එවැනි දෙයක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා .

Previous Post

හික්කඩුව නගර සභාවේ 2026 අයවැය තෙවන වරටත් පරාජය වෙයි

Next Post

ගංවතුරෙන් පීඩිත ජනතාවට අල් ඉහ්සාන් සමාජ සේවා සංවිධානයෙන් වියළි සලාක බෙදාහැරීමක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ගංවතුරෙන් පීඩිත ජනතාවට අල් ඉහ්සාන් සමාජ සේවා සංවිධානයෙන් වියළි සලාක බෙදාහැරීමක්

ගංවතුරෙන් පීඩිත ජනතාවට අල් ඉහ්සාන් සමාජ සේවා සංවිධානයෙන් වියළි සලාක බෙදාහැරීමක්

Discussion about this post

RECOMMENDED NEWS

තංගල්ල නිලධාරීන්ට ගෞරව දැක්වීමට කොළඹ මහා නගර සභාවෙන් නිශ්ශබ්දතාවයක් 

තංගල්ල නිලධාරීන්ට ගෞරව දැක්වීමට කොළඹ මහා නගර සභාවෙන් නිශ්ශබ්දතාවයක් 

1 year ago
වසර 9කට පසු තාක්ෂණික සේවයට නව බඳවා ගැනීම් ඇරඹේ

වසර 9කට පසු තාක්ෂණික සේවයට නව බඳවා ගැනීම් ඇරඹේ

4 months ago
ඔසාකා 2025 හිදී ශ්‍රී ලංකා තේ නව ගිනස් වාර්ථාවක්

ඔසාකා 2025 හිදී ශ්‍රී ලංකා තේ නව ගිනස් වාර්ථාවක්

1 year ago
‘ෂියාඕ ෂියාඕ’ සහ ‘ලෙයි ලෙයි’ ජපානයෙන් පිටවෙයි

‘ෂියාඕ ෂියාඕ’ සහ ‘ලෙයි ලෙයි’ ජපානයෙන් පිටවෙයි

9 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology