Reported Journalist:Zamil Shafeek

මේ වසරේ ලියාපදිංචි වූ නව බදු ගෙවන්නන් ලක්ෂ 2ක්මෙම වසරේ පසුගිය කාලය තුළ නව බදු ගෙවන්නන් ලක්ෂ 2ක් ලියාපදිංචි වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
එම කාලය තුළ නව සමාගම් 18,000ක් ලියාපදිංචි කර ඇති බව දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් රුක්දේවි ප්රනාන්දු මහත්මිය සඳහන් කළාය.රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්ය හමුවකට සහභාගී වෙමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් රුක්දේවි ප්රනාන්දු මහත්මිය මේ බව සඳහන් කළාය.
“මෙම වසර තුළ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පසුගිය වසරට සාපේක්ෂව 18% ක ඉහළ ආදායම් ඉලක්කයක් තිබුණි.” පසුගිය සතියේදී, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉතිහාසයේ රුපියල් ට්රිලියන 2 ඉක්මවමින් ආදායමක් උපයා ගැනීමට හැකි විය. මේ කාලය වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බිලියන 2,080 ක ආදායමක් ලැබී තිබේ.”












Discussion about this post