• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

පස්වරු 6–10 අතර බලශක්ති භාවිතය සීමා කරන්න – අනුර කුමාර දිසානායක

JanasayuraAdmin by JanasayuraAdmin
7 months ago
in Local, Goverment, News, Sinhala
0
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

මෙරට දෛනික බලශක්ති පරිභෝජනය වැඩිම කාල පරාසය වන පස්වරු 6 සිට 10 දක්වා කාලය තුළ බලශක්තිය මනා කළමනාකරණයකින් යුතුව භාවිතය පිළිබඳ ජනතාව දැනුවත් කරමින්, ඔවුන්ගේද දායකත්වය ඇතිව රටේ බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාම වෙනුවෙන් ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නා.ඒ බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාම වෙනුවෙන් තවදුරටත් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමින්.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ලෝකයේ සෑම රටක්ම මුහුණදී ඇති බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අභියෝගය හමුවේ බලශක්තිය මනා කළමනාකරණයකින් යුතුව භාවිත කරමින් රට හමුවේ ඇති අභියෝගය ජය ගැනීමට උපරිම දායකත්වය ලබා දීම ආයතනික සහ පුද්ගලයන් වශයෙන්ද මේ වන විට සියලුදෙනා වෙත පැවරී ඇති වගකීම බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. පසුගිය සති කිහිපය තුළ බලශක්තිය කළමණාකරණය පිළිබඳ රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග තවදුරටත් ප්‍රායෝගික තලයට ගෙන එමින් විශේෂයෙන් රාජ්‍ය සේවාවට ලබා දිය යුතු මාර්ගෝපදේශ පිළිබඳ මෙහිදී අවධානය යොමු වුණා.

එමෙන්ම, පළාත් පාලන ආයතන මට්ටමින් බලශක්ති පරිභෝජනය විධිමත් කළමණාකරණයකට ලක් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ එම ආයතන සමඟ සාකච්ඡා කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නා.ප්‍රචාරණ කටයුතු සඳහා භාවිතයට ගන්නා දැන්වීම් පුවරු සහ අනෙකුත් අලංකරණ විදුලි පද්ධති සඳහා විදුලිය විශාල වශයෙන් වැයවන අතර එය සීමා කිරීම තුළින් රටේ විදුලි පරිභෝජනයෙන් සැළකිය යුතු ප්‍රමාණයක් ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙන බවද මෙහිදී සඳහන් කළා.නාගරික වශයෙන් පවතින අත්‍යවශ්‍ය නොවන වීදි ලාම්පු භාවිතය අවම කර ගැනීම සහ බලශක්තිය කළමණාකරණය වෙනුවෙන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාද මෙහිදී සාකච්ඡාවට බඳුන් වුණා. ඊට අදාළව අනුගමනය කළ හැකි විකල්ප ක්‍රමවේදයක් පිළිබඳ අදාළ සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කර කඩිනම් ක්‍රියාමාර්ගයකට එළැඹීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

මෙම සාකච්ඡාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. කේ පෙරේරා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන්, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරු සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් එක්ව සිටියා.

Previous Post

ඉරාන නව උත්තරීතර නායකයා ගැන කටකතා අතර Donald Trumpගේ ප්‍රකාශය

Next Post

Iran යුද්ධය අවසන් කිරීමට සාකච්ඡා – Israel සමඟ ගැටුමට අමෙරිකානු 15 කරුණු සැලැස්මක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
Iran යුද්ධය අවසන් කිරීමට සාකච්ඡා – Israel සමඟ ගැටුමට අමෙරිකානු 15 කරුණු සැලැස්මක්

Iran යුද්ධය අවසන් කිරීමට සාකච්ඡා – Israel සමඟ ගැටුමට අමෙරිකානු 15 කරුණු සැලැස්මක්

Discussion about this post

RECOMMENDED NEWS

එලොන් මස්ක්ගෙන් තවත් වාර්තාවක්

එලොන් මස්ක්ගෙන් තවත් වාර්තාවක්

1 year ago
දිවයින පුරා පස්වරුවේ ගිගුරුම් සහිත වැසි – ජනතාවට අවවාදයන්

දිවයින පුරා පස්වරුවේ ගිගුරුම් සහිත වැසි – ජනතාවට අවවාදයන්

11 months ago
නයයෑමේ රතු නිවේදන තවදුරටත්

නයයෑමේ රතු නිවේදන තවදුරටත්

10 months ago
ලසන්තගේ ඝාතනයෙන් හිස්වූ වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ධුරය මාලිමාවට

ලසන්තගේ ඝාතනයෙන් හිස්වූ වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ධුරය මාලිමාවට

9 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology