Reported Journalist:Zamil Shafeek

දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහනක් වන ‘ප්රජා ශක්ති’ වැඩසටහන සඳහා ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් අද (13) පැවැත්විණි.
ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්රධානත්වයෙන් අමාත්යාංශ පරිශ්රයේදී පැවති මෙම සාකච්ඡාවේදී ග්රාමීය සංවර්ධන අවශ්යතා හා ප්රමුඛතා හඳුනාගැනීම සඳහා දත්ත එකම ඩිජිටල් වේදිකාවකට ඒකාබද්ධ කිරීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.
ග්රාමීය සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී මෙම පද්ධතිය භාවිත කළ හැකි ආකාරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ගුණරත්න මහතා ඇතුළු අමාත්යාංශ සහ අදාළ ආයතනවල නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.













Discussion about this post