• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නාවල නිවාස ව්‍යාපෘතිය නැවත ආරම්භ වෙයි

JanasayuraAdmin by JanasayuraAdmin
9 months ago
in Local, Goverment, News, Sinhala
0
0
SHARES
26
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

කොළඹ ජීවිතය සියලු දෙනාටම ලස්සන විය යුතුයි. සංවර්ධනයේ දී සමාජ අසමානතා, ජනතා අර්බුද ඇති නොවන ලෙස සමාන ප්‍රතිලාභ සියලු ජනතාවට භුක්ති විදිය හැකි ලෙස සංවර්ධන ව්‍යාපෘති සිදුකල යුතු වෙනවා.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

නාගරික සංවර්ධනයේ සැබෑ අර්ථය, ගොඩනැගිලි ඉදි කිරීමට එහා ගිය සමාජ සංවර්ධනයක් ඇති කිරීමයි “ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ අදහස් පළ කළේ ඊයේ  (2026.01.23) නාවල, කොළඹගේ මාවතේ අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් ඉදිකරන, නවතා දමා තිබූ නිවාස යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.2014 වසරේදී ඉදිකිරීම් ආරම්භ කල මෙම නිවාස ව්‍යාපෘතිය මූල්‍ය අර්බුදය හා වෙනත් හේතුන් මත නවතා දමා තිබිණි.

නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීමෙන් මෙහි ඉදිකිරීම් අද දින ආරම්භ කෙරිණ. නිවාස ඒ්කක 615 කින් සමන්විත, ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 7,287 ක පිරිවැයක් ඇස්තමේන්තු ගත කර ඇත. නිවාස සංකීර්ණයේ මුලු භූමි ප්‍රමාණය අක්කර 02 යි රූඩ් 01 යි පර්චස් 36 කි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,“2016 වසරේ වැඩ අවසන් කිරීමට සැලසුම් කළ ව්‍යාපෘතියක් 2026 වර්ශයේ ඇරඹීමට සිදුව තිබෙනවා. ප්‍රමාදය නිසා 2028 දක්වා ඉදිකිරීම් කාලය දීර්ඝ වෙනවා.

අමාත්‍යංශයේ උපරිම සහය මෙම ඉදිකිරීම්වලට ලබාදෙනවා. ප්‍රමිතිගතව, ජනතාවගේ පහසුකම් ප්‍රමුඛතා ලෙස ඉදිරියට ගෙනෙමින් කඩිනම් ව්‍යාපාතියක් ලෙස කළ යුතු වෙනවා. ‘මේවා ගෙවල් වෙන්න ඕනි‘. සතුටින් ජීවත්විය හැකි පරිසර පද්ධතියක් හා වටිනාකම් එක්කර සැලසුමට එහා ගිය ප්‍රතිලාභයක් ජීවත්වෙන ජනතාවට ලබාදෙන ලෙස ව්‍යාපෘතියේ නිමාව තිබිය යුතු වෙනවා“මෙම අවස්ථාවේ අදහස් දැක්වූ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා“මේ වසර තුල නාගරික සංවර්ධන විෂය පථයට අදාලව නව ව්‍යාපෘති රැසක් මෙන්ම නවතා දමා ඇති ව්‍යාපෘති ද නැවත ආරම්භ කරනවා,පැවති පසුගිය රජයන් ව්‍යාපෘති ක්‍රියාත්මක කලේ අරමුණු තුනක් පෙරදැරිවයි. පලවෙනි එක ව්‍යාපෘතියට තමන්ගේ නම යොදාගන්න. ඒක තාමයි බෝඩ් දේශපාලනය.

දෙවෙනි එක තමයි, ව්‍යාපෘතිය හරහා තමන්ට ලැබෙන කොමිස් කුට්ටිය වෙන්කර ගන්න එක. තුන්වෙනි කාරණය තමයි තම දේශපාලනයට වාසි සහගත ලෙස මේ ව්‍යාපෘති අඛන්ඩව යොදා ගන්න එක …! ඉතින් මේවා අවසන් වෙන් නෑ…!!අපේ දැක්ම ව්‍යාපාරිකයින් ඇතුලු සියලු ජනතාවට අයිති නගර නිර්මාණයයි. ප්‍රමිතියට, කාල රාමුවට ඉදිකරන ව්‍යාපෘති  සදහායි. අපට ලැබුනේ බිදවැටුණු රටක්, නතර වුණු රටක්. ජනවරම අනුව ජනතාව සදහා ම තිරසර ව්‍යාපෘති  ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා…”මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය නජිත් ඉන්දික, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, නාගරික සවංර්ධන අධිකාරියේ සභාපති එම්. ජී. හේමචන්ද්‍ර, ඇක්සස් ඉංජිනියරින් සමාගමේ කළමනකාර අධ්‍යක්ෂ රොහාන් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු ඇතුලු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එක්ව සිටියහ

Previous Post

අධි චෝදනා හේතුවෙන් චාමර සම්පත් දසනායකට මහාධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග

Next Post

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ට වැඩතහනම

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ට වැඩතහනම

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ට වැඩතහනම

Discussion about this post

RECOMMENDED NEWS

රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් යුක්රේනයේ 20කට වැඩි පිරිසක් මරුට

රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් යුක්රේනයේ 20කට වැඩි පිරිසක් මරුට

2 weeks ago
කොළඹ මහා නගර සභාවේත් මව්ලිදුන් නබි !

කොළඹ මහා නගර සභාවේත් මව්ලිදුන් නබි !

2 months ago
එංගලන්තයේ හිටපු ලෝක බොක්සිං ශූර රිකී හැටන් (42) අභාවප්‍රාප්ත වෙයි

එංගලන්තයේ හිටපු ලෝක බොක්සිං ශූර රිකී හැටන් (42) අභාවප්‍රාප්ත වෙයි

1 year ago

1 week ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology