Journalist :Zamil Shafeek

ශ්රී ලංකාවේ 2025 5G සංඛ්යාත වෙන්දේසිය සඳහා අවසාන පැවරීමේ නිවේදනය ප්රකාශයට පත් කර තිබෙනවා.
ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළේ, මෙය නව පරම්පරාවේ දුරකථන හා තොරතුරු සන්නිවේදන සේවාවන් පුළුල් කිරීමට බලවත් පදනමක් බවයි.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පෙන්වා දුන්නේ, 2017 සිට 5G ක්රියාත්මක කිරීම සඳහා උත්සාහයන් ගත්තාද, අවසාන වෙන්දේසිය 2025 දී සිදු කරන බවයි. නිවේදනයෙන් පසු මාස 2කින් ක්රියාවලිය නිම කර ජනතාවට 5G සේවාව ලබාදීමට බලාපොරොත්තු වන බවත් සඳහන්.
5G තාක්ෂණය වෛද්ය, අධ්යාපන, කෘෂිකර්මාන්ත සහ ඇඟලුම් වැනි ක්ෂේත්රවල නවෝත්පාදන සහ වර්ධනයට දායක වන අතර, ගම්මාන සහ නගර අතර තාක්ෂණික පරතරය අවම කරනු ඇත.
වැඩි විස්තර සඳහා 👉 www.trc.gov.lk












Discussion about this post