reported by: Musharraf Hussain

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානයට එරෙහිව අද (28) පැවැති තරගයෙන් අනතුරුව, ශ්රී ලංකා කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙසින් ඉදිරියටත් සේවය කරන්නේද යන්න පිළිබඳව සනත් ජයසූරිය මහතා අදහස් පළ කළේය.
තරගය අවසන් වීමෙන් පසු මාධ්යවේදියෙකු නැඟූ ප්රශ්නයකට ප්රතිචාර දක්වමින් ඔහු පැවසුවේ, පුහුණුකරු ධුරයෙන් ඉවත් වීමට තමන් මීට පෙරම තීරණය කර තිබූ බවයි. එමෙන්ම තමන්ගේ කොන්ත්රාත් කාලය එළැඹෙන ජූනි මාසය දක්වා වලංගු වන බවත් සඳහන් කළේය.කෙසේ නමුත්, එම තීරණය පිළිබඳව ශ්රී ලංකා ක්රිකට් වෙත තවමත් නිල වශයෙන් දැනුම්දී නොමැති බවත්, ඉදිරියේදී එම ආයතනය සමඟ සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැහැදිලි කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙම වගකීම තවත් කෙනෙකුට භාරදීම සුදුසු යැයි තමන්ට හැඟී ගිය බවයි. එම නිසා මාස දෙකකට පමණ පෙර එංගලන්ත තරගමාලාවේදී ඉදිරියටත් මෙම ධුරයේ රැඳී නොසිටින බව තමන් ප්රකාශ කළ බවත් ඔහු සඳහන් කළේය.ලෝක කුසලානය හොඳ ප්රතිඵලයකින් අවසන් කරමින් සමුගැනීම තමන්ගේ අපේක්ෂාව වූවත්, එය සිදුකරගැනීමට නොහැකි වීම ගැන කණගාටුව පළ කළේය.
කෙසේ වෙතත්, තමන් භාරගත් අවස්ථාවේ තිබූ තත්ත්වයෙන් කණ්ඩායම ඉහළට ගෙන ඒමට හැකි වූ බවත්, විස්සයි20 කණ්ඩායම ලෝක ශ්රේණිගත කිරීම්වල සිව්වන ස්ථානයට සහ ටෙස්ට් කණ්ඩායම හයවන ස්ථානයට රැගෙන ඒමට සමත් වූ බවත් ඔහු අවධාරණය කළේය.එම සාර්ථකත්වය තමන්ගේ පමණක් නොව, ආරම්භයේ සිටම සහාය දුන් සහායක කාර්ය මණ්ඩලයේ කැපවීමත් සමඟ ලැබූ ප්රතිඵලයක් බවත්, කළ සේවාව පිළිබඳව සතුටු විය හැකි නමුත් ලෝක කුසලාන අවසානය පිළිබඳව නම් සතුටට පත්විය නොහැකි බවත් ඔහු පැවසීය.
තවද, තමන්ගේ කොන්ත්රාත් කාලය ජූනි මාසය දක්වා පවතින අතර, ඒ පිළිබඳව ශ්රී ලංකා ක්රිකට් සමඟ ඉදිරියේදී සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
_












Discussion about this post