• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

ලෝක කුසලානෙන් පසු සමුගැනීමට සූදානම් – සනත් ජයසූරිය ජූනි දක්වා කොන්ත්‍රාත් වලංගු බව කියයි

JanasayuraAdmin by JanasayuraAdmin
8 months ago
in Goverment, International, Local, News, Sinhala, Sports
0
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

reported by: Musharraf Hussain

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානයට එරෙහිව අද (28) පැවැති තරගයෙන් අනතුරුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් ඉදිරියටත් සේවය කරන්නේද යන්න පිළිබඳව සනත් ජයසූරිය මහතා අදහස් පළ කළේය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

තරගය අවසන් වීමෙන් පසු මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඔහු පැවසුවේ, පුහුණුකරු ධුරයෙන් ඉවත් වීමට තමන් මීට පෙරම තීරණය කර තිබූ බවයි. එමෙන්ම තමන්ගේ කොන්ත්‍රාත් කාලය එළැඹෙන ජූනි මාසය දක්වා වලංගු වන බවත් සඳහන් කළේය.කෙසේ නමුත්, එම තීරණය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත තවමත් නිල වශයෙන් දැනුම්දී නොමැති බවත්, ඉදිරියේදී එම ආයතනය සමඟ සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැහැදිලි කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙම වගකීම තවත් කෙනෙකුට භාරදීම සුදුසු යැයි තමන්ට හැඟී ගිය බවයි. එම නිසා මාස දෙකකට පමණ පෙර එංගලන්ත තරගමාලාවේදී ඉදිරියටත් මෙම ධුරයේ රැඳී නොසිටින බව තමන් ප්‍රකාශ කළ බවත් ඔහු සඳහන් කළේය.ලෝක කුසලානය හොඳ ප්‍රතිඵලයකින් අවසන් කරමින් සමුගැනීම තමන්ගේ අපේක්ෂාව වූවත්, එය සිදුකරගැනීමට නොහැකි වීම ගැන කණගාටුව පළ කළේය.

කෙසේ වෙතත්, තමන් භාරගත් අවස්ථාවේ තිබූ තත්ත්වයෙන් කණ්ඩායම ඉහළට ගෙන ඒමට හැකි වූ බවත්, විස්සයි20 කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානයට සහ ටෙස්ට් කණ්ඩායම හයවන ස්ථානයට රැගෙන ඒමට සමත් වූ බවත් ඔහු අවධාරණය කළේය.එම සාර්ථකත්වය තමන්ගේ පමණක් නොව, ආරම්භයේ සිටම සහාය දුන් සහායක කාර්ය මණ්ඩලයේ කැපවීමත් සමඟ ලැබූ ප්‍රතිඵලයක් බවත්, කළ සේවාව පිළිබඳව සතුටු විය හැකි නමුත් ලෝක කුසලාන අවසානය පිළිබඳව නම් සතුටට පත්විය නොහැකි බවත් ඔහු පැවසීය.

තවද, තමන්ගේ කොන්ත්‍රාත් කාලය ජූනි මාසය දක්වා පවතින අතර, ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ඉදිරියේදී සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

_

Previous Post

Hong Kong ජාතික ආරක්ෂක නීතිය යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිනියකගේ පියාට මාස 8ක සිර දඬුවම

Next Post

US President Trump Confirms Khamenei’s Death, Tehran Yet to Respond

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
US President Trump Confirms Khamenei’s Death, Tehran Yet to Respond

US President Trump Confirms Khamenei’s Death, Tehran Yet to Respond

Discussion about this post

RECOMMENDED NEWS

බංග්ලාදේශ මහ මැතිවරණයෙන් BNP පක්ෂයට බහුතරය – තාරික් රහ්මාන් අගමැති පදවියට

බංග්ලාදේශ මහ මැතිවරණයෙන් BNP පක්ෂයට බහුතරය – තාරික් රහ්මාන් අගමැති පදවියට

8 months ago

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් 2026 විභාග සම්බන්ධ නිවේදනයක්

1 year ago
අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

11 months ago
තාක්ෂණික හුවමාරුව හා නවෝත්පාදන නගාසිටුවීමට රජයේ අවධානය

තාක්ෂණික හුවමාරුව හා නවෝත්පාදන නගාසිටුවීමට රජයේ අවධානය

2 weeks ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology