• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home News

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

JanasayuraAdmin by JanasayuraAdmin
11 months ago
in News, Local, Sinhala
0
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් බදුල්ලේ සහ මහනුවර පමණක් මේ දක්වා වාර්තා වූ මරණ සංඛ්‍යාව 85 දක්වා අද ඉහළ ගොස් තිබේ.එමෙන්ම අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකින් අදත් නායයෑම් කිහිපයක්ම වාර්තා විය.මහනුවර හසලක පමුනුපුර ප්‍රදේශයේ සිදුවු නායයෑමකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තවත් 12 දෙනෙකු අතුරුදන්ව තිබේ.එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 35 දෙනෙකු මියගොස් ඇති බව දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පැවසුවේය.එමෙන්ම නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 27 දෙනෙකු අතුරුදන්ව සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය. මේ අතර කෑගල්ල බුලත්කොහුපිටිය, දේදුගල ප්‍රදේශයේ නිවාස නිවාස 05ක් නායයෑමට ලක්ව තිබේ.එම නිවෙස්වල සිටි පුද්ගලයින් 12දෙනෙකු පමණ අතුරුදන්වී සිටින අතර එම ස්ථානයට ළඟා වීම ද දුෂ්කර වී ඇති බවයි වාර්තා වේ.මේ අතර අද උදෑසන හයෙන් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මාතලේ ගම්මඩුව ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එම අගය දැක්වුණේ මිලිමීටර් 540.6ක් ලෙසය.ඊට අමතරව මාතලේ කන්දෙනුවර, කෑගල්ල ඩොතෙලෝයා වතුයාය, මහනුවර නිල්ලඹේ සහ මහනුවර මාරස්සන යන ප්‍රදේශ සඳහා ගතවූ පැය 24 තුළ මිලිමීටර 400 ඉක්මවූ තද වැසි ඇද හැළුණි.”දිට්වා” සුළිකුණාටුවේ බලපෑමෙන් මේ වනවිටත් දිස්ත්‍රික්ක රැසකට ධාරාණිපාත වැසි ඇදහැලෙමින් පවතියි.මෙම ධාරාණිපාත වර්ෂාව හමුවේ මහවැලි , කැලණි , කළු සහ මැණික් ගංඟා ආශ්‍රිතව මෙන්ම දැදුරුඔය, මහඔය, කලාඔය, සහ මල්වතුඔය ආශ්‍රිත ප්‍රදේශ රැසක මහා ගංවතුර තත්ත්වයක් ඇති විය.කළු ගග ද්‍රෝණියට ඇදැහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී තිබේ.කළුතර දිස්ත්‍රික්කයේත් කළුතර, ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, පාලින්දනුවර, මදුරාවල සහ අගලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රදේශ රැසක් ද ජලයෙන් යට වී ඇත.එමෙන්ම මහවැලි ගඟ පේරාදෙණිය හා නාවලපිටිය ප්‍රදේශවලින් පිටාර ගැලීමෙන් මහ ගංවතුර තත්ත්වයක් ඇති විය.මේ අතර අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වන විට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පැවතීම හේතුවෙන් ගම්පහ නගරය සදහා විශේෂ ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද පස්වරුවේ පියවර ගත්තේය.එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ අත්තනගලුඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඉදිරි පැය කිහිපයේ ඇතිවිය හැකි බවය.එම තත්ත්වයෙන් ජීවිත සහ දේපළ ආරක්ෂා කරගැනීමට දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

Previous Post

මාතලේ ගම්මඩුවට පැය 24කින් මි.මී. 540 – දේශයේ ඉහළම වර්ෂාපතනය

Next Post

ගංවතුරෙන් අවතැන් වූ අය ඔබට අවශ්‍ය මූලික ද්‍රව්‍ය හැකි ඉක්මනින් දැනුම් දෙන්න- 0717726383

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ගංවතුරෙන් අවතැන් වූ අය ඔබට අවශ්‍ය මූලික ද්‍රව්‍ය හැකි ඉක්මනින් දැනුම් දෙන්න- 0717726383

ගංවතුරෙන් අවතැන් වූ අය ඔබට අවශ්‍ය මූලික ද්‍රව්‍ය හැකි ඉක්මනින් දැනුම් දෙන්න- 0717726383

Discussion about this post

RECOMMENDED NEWS

කල්මුනේ උතුර පාදක රෝහලේ ආගමික, සංස්කෘතික අනන්‍යතාවය සමග නිල ඇඳුම ඇඳීමට අවසර ප්‍රතික්ෂේප කිරීම ? – එක්සත් සාම සන්ධානයෙන් දැඩි ලෙස  හෙළාදැකී !

කල්මුනේ උතුර පාදක රෝහලේ ආගමික, සංස්කෘතික අනන්‍යතාවය සමග නිල ඇඳුම ඇඳීමට අවසර ප්‍රතික්ෂේප කිරීම ? – එක්සත් සාම සන්ධානයෙන් දැඩි ලෙස හෙළාදැකී !

2 months ago
කොලොන්නාවේ ගංවතුර පාලන ව්‍යාපෘති කඩිනම් කිරීමට ඒකාබද්ධ සැලැස්මක්

කොලොන්නාවේ ගංවතුර පාලන ව්‍යාපෘති කඩිනම් කිරීමට ඒකාබද්ධ සැලැස්මක්

3 months ago
කොකේන් සමඟ ජැමෙයිකානු ජාතිකයන් සිව්දෙනෙක් අත්අඩංගුවට

කොකේන් සමඟ ජැමෙයිකානු ජාතිකයන් සිව්දෙනෙක් අත්අඩංගුවට

2 weeks ago
දුම්කොළ හා මද්‍යසාර ජාතික අධිකාරිය සහ යාපනය ශික්ෂණ රෝහල පිළිබඳ ආයතන සමාලෝචනයක් පාර්ලිමේන්තු කාරක සභාවේදී

දුම්කොළ හා මද්‍යසාර ජාතික අධිකාරිය සහ යාපනය ශික්ෂණ රෝහල පිළිබඳ ආයතන සමාලෝචනයක් පාර්ලිමේන්තු කාරක සභාවේදී

9 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology