Reported Journalist:Zamil Shafeek

ඉන්දීය නාවික හමුදාවට අයත් INS UDAYGIRI යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද (08) කොළඹ වරායට පැමිණ තිබේ.
මීටර් 149.02ක දිගකින් යුත් Frigate වර්ගයේ මෙම නෞකාව ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්රදායානුකූලව පිළිගනු ලැබීය.
නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් Vikas Sood සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා අතර නිල හමුවක්ද පැවැත්විණි.
නෞකාව දිවයිනේ රැඳී සිටින කාලය තුළ දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වර්ධනය කිරීමේ වැඩසටහන් සඳහා එහි නැව් මුළුව සහභාගී වීමට නියමිත අතර, ශ්රී ලංකා නාවික හමුදා සාමාජිකයන්ට නෞකාවේ මෙහෙයුම් කටයුතු නිරීක්ෂණය කිරීමට සහ වෘත්තීය දැනුම හුවමාරු කර ගැනීමටද අවස්ථාව හිමි වේ.












Discussion about this post