Reported Journalist:Zamil Shafeek

‘බස් ලලිත්’ හංවැල්ලේ ව්යාපාරිකයන් 21කගෙන් කප්පම් අරන්සුසාන භූමියේ වළ දැමූ ගිනිඅවිත් ගොඩ ගනීඩුබායි සිට රැගෙන ආ ලලිත් කන්නන්ගර නමැති පාතාලයේ අපරාධකරුගෙන් කළ දීර්ඝ ප්රශ්න කිරීම්වලින් අනාවරණය වූ තොරතුරු මත හංවැල්ල දිද්දෙණිය පොදු සුසාන භූමියේ වළ දමා තිබූ ටී 56 අවියක්, පිස්තෝලයක් සහ රිපීටර් ෂොට්ගන් වර්ගයේ අවියක් මධ්යම විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ඊයේ (07) සොයා ගෙන තිබේ.
බස් ලලියා විසින් සිය ගෝලයන් මෙහෙයවා මිනිස් ඝාතන සහ බියගැන්වීම්වලට යොදා ගෙන ඇත්තේ මෙම අවි බවට මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීහු සැක කරති.ඒ අනුව හංවැල්ල සහ ඒ ආශ්රිත ප්රදේශවල පසුගිය කාලයේ සිදුවූ මිනිස් ඝාතන හා වෙඩි තැබීම්වලට මෙම ගිනිඅවි යොදාගෙන තිබේදැයි තහවුරුකර ගැනීමට රජයේ රස පරීක්ෂකවරයාට ඉදිරිපත්කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
බස් ලලිත්ගේ මෙහෙයවීමෙන් හංවැල්ල හා ඒ අවට මිනිස් ඝාතන 06ක් සිදුව ඇති බව මෙෙතක් කර ඇති විමර්ශනවලින් තහවුරු වී ඇතැයි ද එම නිලධාරියා කීය. ඒ හැරුණු කොට හංවැල්ල හා ඒ අවට ව්යාපාරවල නිරතව සිටින ව්යාපාරිකයන් 21 දෙනෙක්ගෙන්ද ඔහු කප්පම් ලබාගෙන ඇතැයිද හෙළිවී තිබේ.
මෙම අපරාධ සියල්ලක්ම ඔහු මෙහෙයවා ඇත්තේ ඩුබායිහි රැඳී සිටිමින් බවත් මෙරට සිට ඔහුගේ අපරාධවලට සහයෝගය දුන් ගෝල බාලයන් ගැන තොරතුරු අනාවරණය වන බැවින් ඒ අයවද අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බව මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කළේය.
ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නියෝජ්ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහත්වරුන්ගේ අධික්ෂණයෙන් මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්යක්ෂ ජ්යේෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වේ.













Discussion about this post