Reported Journalist:Zamil Shafeek

2025 වසරේ ඔක්තෝබර් 30 වැනිදා ආරම්භ කළ ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ එදින සිට පෙරේදා (06) දක්වා ගත වූ දින 312ක කාලය තුළ මත්ද්රව්ය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 269,492 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි.
ජන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුවේ 2024 නිල වාර්තාවලට අනුව ශ්රී ලංකාවේ සමස්ත ජනගහනය 21,781,800ක් වන අතර, එම සංඛ්යාවට සාපේක්ෂව මත්ද්රව්ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස සමස්ත ජනගහනයෙන් සියයට 1.23කට සමාන වේ.
රටේ සමස්ත ජනගහනයෙන් වයස අවුරුදු 15ට අඩු ජනගහනය ලක්ෂ 45ක් පමණ වන බැවින්, එම පිරිස ඉවත් කළ පසු මත්ද්රව්ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගේ අනුපාතය සියයට 1.5ක් පමණ වන බව සඳහන් වේ.
‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කළ දින සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මත්ද්රව්ය ප්රමාණය ටොන් 20කට ආසන්න බව පොලිස් වාර්තා පෙන්වා දෙයි.ඒ අතර හෙරොයින් ටොන් 2කට අධික ප්රමාණයක්, අයිස් ටොන් 3කට අධික ප්රමාණයක්, කුෂ් ටොන් 1කට අධික ප්රමාණයක්, ගංජා ටොන් 9කට අධික ප්රමාණයක් සහ මදනමෝදක ටොන් 1කට අධික ප්රමාණයක් ඇතුළත් වේ.
මීට අමතරව, කොකේන්, හෂීෂ් සහ මාවා ඇතුළු තවත් විවිධ මත්ද්රව්යද මෙම මෙහෙයුම්වලදී සොයාගෙන තිබේ.එම කාලය තුළ මත් කරල් ලක්ෂ 45කට ආසන්න ප්රමාණයක්ද සොයාගෙන ඇති බව පොලිස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.













Discussion about this post