Reported Journalist:Zamil Shafeek

කෝට්ටේ ශ්රී කල්යාණි සාමග්රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක, අතිපූජ්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානාහිමියන්ගේ 93 වැනි ජන්ම දිනය ඊයේ (14) යෙදී තිබිණි.
ඒ නිමිත්තෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උන්වහන්සේ බැහැදැක සුබපැතුම් එක් කළේය.එහිදී අමාත්යවරයා සමඟ කෙටි පිළිසඳරක නිරත වූ මහානාහිමියෝ රජයේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ආශීර්වාද පළ කළහ.
රට, ජාතිය සහ බුද්ධ ශාසනය වෙනුවෙන් උන්වහන්සේ ඉටුකරන ජාතික හා ශාසනික මෙහෙවරද අමාත්යවරයාගේ ඇගයීමට ලක්විය.
අතිපූජ්ය මහානාහිමියන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්රාර්ථනා කරමින් උන්වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් සුබපැතුම් එක්කර තිබේ.













Discussion about this post