Reported Journalist:Zamil Shafeek

පොදු ප්රවාහනය තුළ කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසනය තුරන් කිරීමේ අරමුණින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඔක්තෝබර් 14 වැනිදා මාතර බස් නැවතුම්පොළේදී පැවැත්විණි.
පොදු ප්රවාහනය සුරක්ෂිත කිරීම භෞතික සංවර්ධනයට පමණක් සීමා නොවී ආකල්පමය වෙනසක් දක්වා ගෙන යාම මෙහි අරමුණ බව වැඩසටහනට එක්වූ නිලධාරීහු පෙන්වා දුන්හ.
බස් රථවල සහ දුම්රියවල ගමන් කරන කාන්තාවන්ට හා දරුවන්ට හිංසනයෙන් තොරව ගමන් කිරීමට ඇති අයිතිය මෙන්ම, එවැනි සිදුවීම් දුටු විට ඒවාට එරෙහිව ක්රියා කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී මගී ජනතාව දැනුවත් කෙරිණි.
එමෙන්ම, පැය 24 පුරා ක්රියාත්මක 1938 කාන්තා උපකාරක සේවය, 1929 ළමා උපකාරක සේවය සහ 109 පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ හදිසි ඇමතුම් සේවය පිළිබඳවද දැනුවත් කිරීම සිදු විය.
හදිසි අවස්ථාවකදී උපකාර ලබාගත හැකි ආකාරය දැක්වෙන පත්රිකා මගීන් අතර බෙදා දුන් අතර, කාන්තාවන්ට පහසුවෙන් ළඟ තබාගත හැකි හදිසි ඇමතුම් කාඩ්පත්ද ලබා දීමට කටයුතු කෙරිණි.
මෙම වැඩසටහනට දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ නිලධාරීන්, මාතර බස් නැවතුම්පොළ කාර්ය මණ්ඩලය සහ මාතර කාන්තා ක්රියාකාරිනියෝ එක්ව සිටියහ.













Discussion about this post