Reported Journalist:Zamil Shafeek

ශ්රී ලංකා විදේශ අමාත්යවරයා අද (22) පිලිපීනයේ මැනිලා නුවරට ළඟා වූයේ 33 වැනි ආසියාන් කලාපීය සංසදය (ARF) සහ අග්නිදිග ආසියාවේ මිත්රත්ව හා සහයෝගිතා ගිවිසුමේ (TAC) 50 වැනි සංවත්සර සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහාය.
මෙම සංචාරය තුළින් ශ්රී ලංකාව සහ ආසියාන් සාමාජික රටවල් අතර පවතින මිත්රශීලී සහ සහයෝගී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කෙරෙන බව සඳහන් වේ.
එමෙන්ම, මෙම සමුළුවට සහභාගී වන රටවල නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයක් ද පැවැත්වීමට නියමිත අතර, කලාපීය සහ ජාත්යන්තර සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කෙරේ.













Discussion about this post