Reported Journalist:Zamil Shafeek

කටුනායකට පැමිණි ගුවන් යානයක් ත්රිවේන්ද්රම් වෙත හරවා යවන ලදීදිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (27) රාත්රියේ මැලේසියාවේ සිට කටුනායකට පැමිණි ‘එයාර් ඒෂියා’ ගුවන් යානයක් ඉන්දියාවේ ත්රිවේන්ද්රම් වෙත හරවා යවා ඇත.
ඊයේ රාත්රී 9.50 ට ගුවන් යානය මෙරටට ළඟා වීමට නියමිතව තිබුණි.ඒ අනුව, මෙරටට පැමිණීමට නියමිතව තිබූ එක් ගුවන් යානයක් පමණක් මෙලෙස හරවා යවා ඇත.වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්ය අනුර කරුණාතිලක අද පස්වරුවේ පැවසුවේ අයහපත් කාලගුණය හේතුවෙන් ඉන්දියාවේ ත්රිවේන්ද්රම් සහ කොචින් ගුවන් තොටුපළ දෙකකට ගුවන් ගමන් මාරු කිරීමට නියමිත බවයි.













Discussion about this post