• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Weather

මහ ඔය හා දැදුරු ඔය ද්‍රෝණිවල ජල මට්ටම් ඉහළට – පහත් බිම් ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

JanasayuraAdmin by JanasayuraAdmin
1 year ago
in Weather, Sinhala
0
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

Journalist:Zamil Shafeek

මහ ඔය ද්‍රෝණිය සහ දැදුරු ඔය ද්‍රෝණිය ආශ්‍රිතව ඇද හැලෙන අධික වර්ෂාපතනය හමුවේ මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

Related posts

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026

මහ ඔය ද්‍රෝණියේ ඇතැම් ධාරා ප්‍රදේශයන්වලට මේ වනවිට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් මහ ඔය ද්‍රෝණිය පෝෂණය කරනු ලබන ගංඟාවල ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 36ක කාලය තුළ අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහ ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.

මේ අතර දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රවේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයේ ජල මට්ටම ගංවතුර තත්ත්වයට ආසන්න වෙමින් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.එමෙන්ම මේ වන විට දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවීත කර මේ වන විට තත්ත්පරයට ඝණ අඩි 16,250ක් තරම් සීග්‍රතාවයකින් දැදුරු ඔයට ජලය මුදා හරිමින් පවතින බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.මේ වන විට එම ජලාශයට ලැබෙන ජල ධාරිතාවය අනුව ඉදිරියේදී මෙම තත්ත්වය වැඩි විය හැකි බවත් මේ හේතුවෙන් දැදුරු ඔය ආශ්‍රිතව පිහිටි වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව, සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රවේශ වෙත ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එම ජලාශ ආශ්‍රිතව පහළ නිම්නයන් හී පදිංචිකරුවන් මෙන්ම ඉහත දක්වා ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිත පදිංචිකරුවන් මෙන්ම එම ප්‍රවේශ මාර්ග භාවිත කරන සියලු පාර්ශවයන්ගෙන් මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කළා.

Previous Post

කොළඹ සහිරා විද්‍යාලයීය ඉස්ලාමීය සංගමයෙන් විශිෂ්ට මීලාද් උන් නබි උත්සවයක් — පාසල් 55ක ශිෂ්‍යයින් 1200ක් සහභාගීවූහ

Next Post

Zahira College Islamic Society Celebrates Annual Meelad Un Nabi Day with 1200 Students from 55 Schools Participating

Related Posts

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටකට ප්‍රතිප්‍රහාර – IRGC අනතුරු අඟවයි
International

ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටකට ප්‍රතිප්‍රහාර – IRGC අනතුරු අඟවයි

October 22, 2026
දින තුනක් දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක්?
Local

දින තුනක් දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක්?

October 19, 2026
Next Post
Zahira College Islamic Society Celebrates Annual Meelad Un Nabi Day with 1200 Students from 55 Schools Participating

Zahira College Islamic Society Celebrates Annual Meelad Un Nabi Day with 1200 Students from 55 Schools Participating

Discussion about this post

RECOMMENDED NEWS

පිලිපීනයේ කුණු කන්ද කඩා වැටී තරුණියක් මරුට – 38ක් අතුරුදන්

පිලිපීනයේ කුණු කන්ද කඩා වැටී තරුණියක් මරුට – 38ක් අතුරුදන්

10 months ago
ගංවතුරෙන් අවතැන් වූ අය ඔබට අවශ්‍ය මූලික ද්‍රව්‍ය හැකි ඉක්මනින් දැනුම් දෙන්න- 0717726383

ගංවතුරෙන් අවතැන් වූ අය ඔබට අවශ්‍ය මූලික ද්‍රව්‍ය හැකි ඉක්මනින් දැනුම් දෙන්න- 0717726383

11 months ago
නැගෙනහිර පළාතේ ජනතාවට නවීන සෞඛ්‍ය පහසුකම් – පොතුවිල් රෝහලේ තෙමහල් සංකීර්ණය විවෘත වෙයි

නැගෙනහිර පළාතේ ජනතාවට නවීන සෞඛ්‍ය පහසුකම් – පොතුවිල් රෝහලේ තෙමහල් සංකීර්ණය විවෘත වෙයි

1 year ago
මාලිමාවට බලය හිමි උඩුනුවර ප්‍රා.සභාවේ අයවැය දෙවනවරටත් පරදියි

මාලිමාවට බලය හිමි උඩුනුවර ප්‍රා.සභාවේ අයවැය දෙවනවරටත් පරදියි

10 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology