• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

නැගෙනහිර පළාතේ ජනතාවට නවීන සෞඛ්‍ය පහසුකම් – පොතුවිල් රෝහලේ තෙමහල් සංකීර්ණය විවෘත වෙයි

JanasayuraAdmin by JanasayuraAdmin
1 year ago
in Goverment, News, Sinhala
0
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

Journalist:Zamil Shafeek

චීන රජයේ ආධාර යටතේ තෝරාගත් රෝහල් 13 ක සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ  ව්‍යාපෘතිය යටතේ නැගෙනහිර පළාතේ පොතුවිල් මූලික රෝහලේ රුපියල් බිලියනයක වියදමින් ඉදිකරන ලද තෙමහල් ශල්‍ය හා සායනික බහු සංකීර්ණ ගොඩනැගිල්ල  ඊයේ (19)  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින්  ජනතා අයිතියට පත් කරන ලදී.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නැගෙනහිර පළාතේ ජනතාවට ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවන් ලබාදීම උදෙසා සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නන්වා ඇත.පොතුවිල් මූලික රෝහලේ  තෙමහල් ශල්‍ය හා සායනික බහු සංකීර්ණ ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසු එම ගොඩනැගිල්‌‌ල සහ එහි ස්ථාපිත ඒකක නිරීක්ෂණයට ලක් කිරීමට ද අමාත්‍යවරයා කටයුතු කරන ලදි. අනතුරුව පැවැති උත්සව සභාව අමතමින් අදහස් දැක් වු අමාත්‍යවරයා චීන රජයේ ආධාර යටතේ රෝහල් 13 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ රෝහල් 12 ක එම කටයුතු අවසන්ව ඇති බවත් කලවාන රෝහලේ පමණක් ඉදිකරීම් අවසන් කර නොමැති බවයි.පවතින සමාජ ආර්ථික තත්ත්වයත් සංචාරක ව්‍යාපාරයත් සමග පොතුවිල් මුලික රෝහල සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවය එහි දී දේශීය වෛද්‍ය සේවා සහ සංචාරක ප්‍රතිකාර සේවා අංශ පිළිබඳව ද අවධානය යොමු කරන බව ද පැවසීය.

පසුගිය කාලයේ ආරම්භ කරන ලද රෝහල් ආශ්‍රිත  ඉදිකිරිම් නියමිත කාලය තුළ අවසන් නොකිරීම මත එම ව්‍යාපෘති අවසන් කිරීමට විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති බවත්, තවත් හදුනා ගත් වැඩ අවසන් නොකළ ව්‍යාපෘති 12 ක් හදුනාගෙන ඇති බවද අවධාරණය කරමින් එම ව්‍යාපෘති අවසන් කිරීම සඳහා මුදල් වෙන් කිරීමට කටයුතු කරන බව ද ‌‌‌අමාත්‍යවරයා පැවසීය.පොතුවිල් මුලික රෝහලේ ස්ථාපිත මෙම තෙමහල් ශල්‍ය හා සායනික බහු සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම්  සඳහා වන පිරිවැය රුපියල් බිලියනයක් වන අතර, උපකරණ සඳහා රුපියල් මිලියන 50 ක පමණ  වැය කර ඇති අතර, බාහිර රෝගී අංශය, සායන පහසුකම්, ඖෂධ ගබඩාව, ශල්‍යාගාර සංකීර්ණය, හදිසි ප්‍රතිකාර ඒකක සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය, මිතුරු පියස, භෞත චිකිත්සක ඒකකය, රුධිර බැංකුව ඇතුළු ඇඳන් 90 ක් මෙන්ම තවත් සේවා රැසකින් මෙම තෙමහල් ශල්‍ය හා සායනික බහු සංකීර්ණ ගොඩනැගිල්ල යුක්තය.

මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලද අතර රෝහලේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කළ පිරිස් වෙත සමරු ඵලක පිරිනැමීමට ද කටයුතු කරන ලදී.චීන රජයේ ආධාර යටතේ බේරුවල දර්ගා රෝහල, අලුත්ගම රෝහල, සමන්තුරෙයි රෝහල, එරාවූර්, පොතුවිල්, කරාපිටිය, පොළොන්නරුව, පදවිය, වලස්මුල්ල, කලවාන, මහියංගණය, රිකිල්ලගස්කඩ යන රෝහල් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබුණි.

මෙම අවස්ථාවට  ග්‍රාමීය සංවර්ධන හා සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය එල්.ජී. වසන්ත පියතිස්ස, ආසනයේ ජාතික ජන බලවේග සංවිධායක  පාර්ලිමේන්තු මන්ත්‍රී  ඒ. ආතම්බාව, දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් වාසීන්, නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී.එස්.එමි විමලරත්න, පොතුවිල් මුලික රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය නිතින් රණවක, අමිපාර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රංග චන්ද්‍රසේන. විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්ව සිටියහ.

Previous Post

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යටතේ තැපැල් සේවාව නවීකරණයට නව පියවරක්

Next Post

IDMJ and CMUA Host Felicitation & Freshers’ Welcome Ceremony for State University Entrants

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
IDMJ and CMUA Host Felicitation & Freshers’ Welcome Ceremony for State University Entrants

IDMJ and CMUA Host Felicitation & Freshers’ Welcome Ceremony for State University Entrants

Discussion about this post

RECOMMENDED NEWS

ට්‍රම්ප් – බින් සල්මාන් සාකච්ඡාවෙන් පසු සිවිල් න්‍යෂ්ටික ගිවිසුම අත්සන් කිරීමට නියමිතයි.

ට්‍රම්ප් – බින් සල්මාන් සාකච්ඡාවෙන් පසු සිවිල් න්‍යෂ්ටික ගිවිසුම අත්සන් කිරීමට නියමිතයි.

11 months ago
ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගුරු සංවර්ධන නිලධාරීන්ගේ විරෝධතාවයෙන් උණුසුම් තත්ත්වයක්

ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගුරු සංවර්ධන නිලධාරීන්ගේ විරෝධතාවයෙන් උණුසුම් තත්ත්වයක්

9 months ago
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය තිනකරන් යාපනය කාර්යාලයේ නිරීක්ෂණයක

ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය තිනකරන් යාපනය කාර්යාලයේ නිරීක්ෂණයක

3 months ago
බන්ධනාගාර ගැටුම් ගැන මානව හිමිකම් කොමිසමෙන් විශේෂ සාකච්ඡාවක්

බන්ධනාගාර ගැටුම් ගැන මානව හිමිකම් කොමිසමෙන් විශේෂ සාකච්ඡාවක්

3 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology