• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යටතේ තැපැල් සේවාව නවීකරණයට නව පියවරක්

JanasayuraAdmin by JanasayuraAdmin
1 year ago
in Local, News, Sinhala
0
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

Journalist:Zamil Shafeek

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන්න තේමා කරගත් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වසර 200 කට අධික ඉතිහාසයක් සහිත මෙරට ක්‍රියාත්මක තැපැල් සේවා‍ව නව්‍යකරණයට ලක් කරමින් එම සේවාවේ භෞතික හා මානව සම්පත් සංවර්ධනයට වත්මන් රජය කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත.ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් රුපියල් මිලියන 4.23  ක ඇස්තමේන්තු ගත වියදමින්  හම්බන්තොට දිස්ත්‍රික්කයේ බඳගිරිය කොලණිය උප තැපැල් කාර්යාල නව ගෙඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම අද (20) පෙරවරුවේ සිදු කෙරිණි.වසර 60 කට වඩා පැරණි කඩාවැටුන තැපැල් කාර්යාල ගොඩනැගිල්ල වෙනුවට මෙම නවීන පහසුකම් සහිත නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිවීමත් සමග ගොවිජනපද වලින් යුත් තම්මැන්නාව, දිවුලගමුව, පල්ලෙමළල, වැලිගත්ත වැනි අවට ගම්මාන රැසක ජනතාවට පහසුවෙන් නවීන සන්නිවේදන තැපැල් සේවාවන් සළසා ගත හැකි වෙි.තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉහත ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.පසුගිය රජයන් තැපැල් සේවාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු නොකිරීම මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක  කෙරෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පැවසීය.ජනතා බදු මුදල් ජනතා සුඛවිහරණය සඳහාම සැළසුම් සහගතව යොදවන බව ද නව තැපැල් කාර්යාල සඳහා මුල්ගල් තබපු මොහොතේ සිටම ගොඩනැගිලිවල ඉදිකිරිම් ආරම්භ වන බවත්, පැලවෙන මුල්ගල් නොවන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම වසරේ දෙසැම්බර් මස මෙම නව තැපැල් කාර්යාල ගොඩනැගිලඉ ජනතා අයිතියට පත් කෙරෙන බව ද මෙම ප්‍රදේශයේ විශාල ජනතාවකට ඉන් සේවා සැලසෙන බව ද අමාත්‍යවරයා පැවසී ය.පවතින තැපැල් කාර්යාල, උප තැපැල් කාර්යාල නවීකරණය සඳහා ද වත්මන් රජය මුදල් වෙන් කරන බවත්,  ලබන අයවැය මගින් ද සැලකිය යුතු මුදලක් තැපැල් සේවාව නඟා සිටුවීම සඳහා වෙන් කෙරෙන බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කරන ලදි.පසුගිය සමයේ තැපැල් සේවාවට අවශ්‍ය භෞතික සම්පත් ප්‍රමාණවත් තරම් ලබා නොදීම හේතු කර ගෙන තැපැල් සේවකයින් සේවා කටයුතු බිදවැටීම ට ඉඩ නොදී පවත්වාගෙන යාම සඳහා තම පෞද්ගලික තාක්ෂණික උපකරණ ද යොදා ගනිමින් කටයුතු කළ බව සිහිපත් කළ අමාත්‍යවරයා ලොරි රථ, කැබ් රථ මෙන්ම ලැප්ටොප් සහ ඩෙක්ස්ටොප් පරිගණක අළුතින් ලබා ගැනීම සඳහා විශාල මුදලක් වෙන්කර ඇති බව ද විවිධ ශ්‍රේණි වල කාර්ය මණ්ඩල බඳවා ගැනීමටත්, කාර්ය මණ්ඩල ශ්‍රේණි උසස් කිරීමටත් පියවර ගන්නා බව ද අමාත්‍යවරයාමෙහිදී පෙන්වා දෙන ලදි.තැපැල් සේවාවේ මෙම යටිතල පහසුකම් සංවර්ධනය කිරීම තුළින් ලාබ ලබන ආයතනයක් බවට ඉදිරියේ දී පත් වනු ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.2016 වර්ෂයෙන් පසු නව තැපැල් කාර්යාල ඉදිකිරීම සදහා පැවති රජයන් කටයුතු කර නොමැති අතර වත්මන් රජය බලයට පත්වී මුල්ගල තබන 06 වන තැපැල් කාර්යාල ගොඩනැගිල්ල මෙය වේ. මෙම වර්ෂයේ තැපැල් දෙපාර්තුමේන්තුවේ නව ඉදිකිරීම් සදහා රුපියල් මිලියන 600 ක් සහ පවතින ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 600ක්, ලොරි රථ සහ කැබ් රථ සඳහා රුපියල් මිලියන  570 ක්,  ටැබි පරිගණක 1500 ක් සදහා  රුපියල් මිලියන 180 ක්, ලැප්ටොප් පරිගණක සඳහා රුපියල් මිලියන 20 ක්, ඩෙක්ස්ටොප් පරිගණක 225 ක් සඳහා රුපියල් මිලියන 75 ක්, සුර්ය බල ශක්ති පද්ධති සදහා  රුපියල් මිලියන 40 ක් වශයෙන් රුපියල් මිලියන 2085 ක් වත්මන් රජය වෙන්කර ඇති අතර, මේ අනුව තැපැල් කාර්යාල ගොඩනැගිලි 20 ක ඉදිකිරීමට කටයුතු යොදා ඇත.නව්‍යකරණය වූ බහුවිධ සේවා සැපයීම තුළින් විශිෂ්ටතම සබඳතා සහකරු වීම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිරි දැක්ම වේ.මෙම අවස්ථාවට බඳගිරිය පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති රුක්මල්පිටියේ ජිනරතන ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති සහ අතුල වෙලෙඳගොඩ, හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ උප සභාපති  එම්.ඒ.සී මුණසිංහ, නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන) තුසිත හුලංගමුව,  නියෝජ්‍ය තැපැල්පති (දකුණු පළාත) රවීන්ද්‍ර ගුණරත්න , හම්බන්තොට ප්‍රාදේශීය තැපැල් අධිකාරී  එච්.එච් වසන්ත යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

අම්පාර ප්‍රදේශයේ ජනතාවට පහසුකම් ගෙන එමින් මෝටර් රථ දෙපාර්තමේන්තුව මාර්ගගත වෙයි

Next Post

නැගෙනහිර පළාතේ ජනතාවට නවීන සෞඛ්‍ය පහසුකම් – පොතුවිල් රෝහලේ තෙමහල් සංකීර්ණය විවෘත වෙයි

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
නැගෙනහිර පළාතේ ජනතාවට නවීන සෞඛ්‍ය පහසුකම් – පොතුවිල් රෝහලේ තෙමහල් සංකීර්ණය විවෘත වෙයි

නැගෙනහිර පළාතේ ජනතාවට නවීන සෞඛ්‍ය පහසුකම් – පොතුවිල් රෝහලේ තෙමහල් සංකීර්ණය විවෘත වෙයි

Discussion about this post

RECOMMENDED NEWS

ඉන්දුනීසියාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 47 දක්වා ඉහළට

ඉන්දුනීසියාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 47 දක්වා ඉහළට

2 months ago
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට පැය 24ක ජල කප්පාදුවක්

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට පැය 24ක ජල කප්පාදුවක්

2 months ago
අනෝජ් සිවරසාගේ මරණ දඬුවමට ACJU මැදිහත්වීම ඉල්ලයි – මුස්ලිම් ප්‍රජාව තුළ දැඩි කනස්සල්ලක්…

අනෝජ් සිවරසාගේ මරණ දඬුවමට ACJU මැදිහත්වීම ඉල්ලයි – මුස්ලිම් ප්‍රජාව තුළ දැඩි කනස්සල්ලක්…

1 month ago
Marshad Barry re elected of SL Malaysia Business Council.

Marshad Barry re elected of SL Malaysia Business Council.

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology