Reported by: Musharraf Hussain

කොළඹ 10, මාළිගාවත්ත ශ්රී සංඝරාජ මාවතේදී අද (10) දහවල් සිදුවූ වෙඩි තැබීමෙන් 54 හැවිරිදි මොහොමඩ් අස්මින් මොහිදීන් නමැති පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොටහේන පොලිස් වසමට අයත් මෙම ප්රදේශයේ පිහිටි ගොඩනැගිලි ද්රව්ය අලෙවිසැලක හිමිකරුවෙකු ඉලක්ක කර ගනිමින් දහවල් 1.20ට පමණ වෙඩි ප්රහාරය එල්ල කර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති අතර, ප්රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “කංජිපානි ඉම්රාන්” නමැත්තාගේ සමීපතම ඥාතියෙකු බවද පොලීසිය පවසනවා.
මේ අතර, මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දැනට ප්රංශයේ රැඳී සිටින “කුඩු අංජු” නමැත්තා සම්බන්ධයෙන් පොලීසිය සැක පළ කර තිබෙනවා.
පොලීසියේ මූලික සැකය වී ඇත්තේ “කුඩු අංජු” නමැත්තාගේ සමීපතමයෙකු පසුගියදා රත්මලාන ප්රදේශයේදී ඝාතනය කිරීමේ සිද්ධියකට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටයි.
වෙඩි ප්රහාරය සිදුවන ආකාරය යාබද ගොඩනැගිල්ලක සවිකර තිබූ CCTV කැමරාවකද සටහන්ව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ දිසාව භාර නියෝජ්ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ ප්රධානත්වයෙන් සහ කොළඹ මධ්යම කොට්ඨාසය භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ක්රියාත්මකයි.













Discussion about this post