• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි අධිකරණ නියෝග

JanasayuraAdmin by JanasayuraAdmin
5 months ago
in Local, News, Sinhala
0
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

තනි­වම ගුවන් ගම­නක යන්න තරම් සෞඛ්‍ය යහ­පත් නෑනීති­ඥයෝ උසා­වි­යට දන්වතිහිටපු අමාත්‍ය බැසිල් රාජ­පක්ෂ මහතා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස නියෝග කර­මින් මාතර සහ කොළඹ කොටුව මහේ­ස්ත්‍රාත් අධි­ක­රණ මඟින් වරෙන්තු නිකුත් කර තිබේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේ­ශයේ ඉඩ­මක් මිල දී ගැනීම සඳහා නීති­වි­රෝධි ලෙස උපයා ගත් මුදල් භාවිත කළා යැයි ඔහුට මාතර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ පැවැති නඩු­ව­කට පසු­ගිය මැයි මස 22 වැනිදා වරෙන්තු නිකුත් කෙරිණි.පසු­ගිය 29 වැනිදා 2014 වසරේ සංචා­රක ප්‍රව­ර්ධන කාර්යාං­ශයේ මිලි­යන 7.8 ක මුද­ලක් භාවිත කර­මින් 2015 පැවති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට අදා­ළව ටී ෂර්ට් මුද්‍ර­ණය කළ බවට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පැවරූ නඩු­වක් සඳහා ද වරෙ­න්තු­වක් නිකුත් කෙරිණි.

මෙම නඩු දෙකම කැඳවූ අව­ස්ථා­වේදී අධි­ක­ර­ණයේ පෙනී නොසි­ටීම හේතු­වෙන් මාතර ප්‍රධාන මහේ­ස්ත්‍රාත් චතු­රංග එරංග දිසා­නා­යක මහතා සහ කොටුව මහේ­ස්ත්‍රාත් පසන් අම­ර­සේන යන මහ­ත්ව­රුන් විසින් මෙලෙස වරෙන්තු නිකුත් කර තිබුණි.මාතර එළි­ය­කන්ද පාර, බ්‍රවු­න්ස්හිල් ලිපි­නයේ පිහිටි අක්කර එක­හ­මා­රක ඉඩ­මක් මිල දී ගැනීම සම්බ­න්ධ­යෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජ­පක්ෂ මහ­තාට එරෙ­හිව පොලිස් මූල්‍ය අප­රාධ කොට්ඨා­සය විසින් මාතර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ පවරා නඩුව කැඳවූ අව­ස්ථා­වේදී නීතිඥ අනිල් ද සිල්වා මහතා බැසිල් රාජ­පක්ෂ නමැති සැක­කරු අස­නීප තත්ත්ව­යෙන් විදෙ­ස්ග­තව ප්‍රති­කාර ලබන බැවින් ඔහු අධි­ක­ර­ණය හමුවේ පෙනී නොසි­ටින බව වෛද්‍ය වාර්තා ඉදි­රි­පත් කර­මින් දන්වා ඇත.

සිය සේවා­දා­ය­කයා ටික­ට්පත් වෙන් කර තිබු­ණත් ගුවන් සමා­ග­ම්ව­ලින් ඔහුගේ වග­කීම භාර ගැනී­මට අකැ­මැති බව කියා සිටි ජනා­ධි­පති නීති­ඥ­ව­රයා ඊට හේතුව වන්නේ සිය සේවා­දා­ය­කයා තනි­වම ගුවන් ගම­නක යෙදී­මට තරම් සෞඛ්‍ය තත්ත්ව­යක නොසි­ටින බැවින් හා ගුව­න්යා­න­යේදී තත්ත්වය බර­ප­තළ වෙතැයි ගුවන් සමා­ගම් අනු­මාන කරන බැවින් යැයි ද කියා සිටි­යේය.

එම හේතු­වෙන් එම ගුවන් සමා­ගම් සිය­සේ­වා­දා­ය­කයා රැගෙන යෑම ප්‍රති­ක්ෂේප කරන බව ද ජනා­ධි­පති නීති­ඥ­ව­රයා සඳ­හන් කළේය.දිගින් දිග­ටම බැසිල් රාජ­පක්ෂ අධි­ක­ර­ණය මඟ හරි­මින් සිටින බැවින් ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ මාතර ප්‍රධාන මහේ­ස්ත්‍රාත් චතු­රංග දිසා­නා­යක මහතා බැසිල් රාජ­ප­ක්ෂට එරෙ­හිව වරෙන්තු නිකුත් කිරී­මට නියෝ­ග­යක් නිකුත් කළේය.

අයථා ලෙස උපයා ගත් මුදල් භාවිත කර­මින් මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේ­ශයේ ඉඩ­මක් මිල දී ගැනීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජ­පක්ෂ, හිටපු අමා­ත්‍ය­ව­ර­යාගේ බිරි­යගේ සහෝ­ද­රිය වන අයෝමා ගල­ප්පත්ති, ඇයගේ ස්වාමියා තිස්ස ගල­ප්පත්ති මුදිත ජය­කොඩි යන අයට එරෙ­හිව මාතර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩුව ගොනු කර තිබේ.

2014 වසරේ සංචා­රක ප්‍රව­ර්ධන කාර්යාං­ශයේ මිලි­යන 7.8 ක මුද­ලක් භාවිත කර ඌව පළාත් සභා මැති­ව­ර­ණ­යට ප්‍රචා­රණ කට­යුතු කිරී­මට අදා­ළව එව­කට හිටපු ඇමැති බැසිල් රාජ­පක්ෂ, එහි සභා­පති භාෂ්වර ගුණ­රත්න, කළ­ම­නා­කාර අධ්‍යක්ෂ රූමි ජව්ෆර්, ඇතුළු පිරි­ස­කට එරෙ­හිව කොටුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු පවරා ඇත.නඩුව නැවත ලබන ජූලි 21 කැඳ­වී­මට නිය­මි­තය.

Previous Post

අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවේ ඉහළම අපනයන ආදායම වාර්තා වෙයි

Next Post

ඉරාන ජනාධිපති ධුරයෙන් ඉවත්වන බවට පළවූ වාර්තා පිළිබඳ නිල ප්‍රතිචාරයක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ඉරාන ජනාධිපති ධුරයෙන් ඉවත්වන බවට පළවූ වාර්තා පිළිබඳ නිල ප්‍රතිචාරයක්

ඉරාන ජනාධිපති ධුරයෙන් ඉවත්වන බවට පළවූ වාර්තා පිළිබඳ නිල ප්‍රතිචාරයක්

Discussion about this post

RECOMMENDED NEWS

කොළඹ කෙත්තාරාම ක්‍රීඩාංගනය ආපදා මධ්‍යස්ථානයක් ලෙස සූදානම් කරයි

කොළඹ කෙත්තාරාම ක්‍රීඩාංගනය ආපදා මධ්‍යස්ථානයක් ලෙස සූදානම් කරයි

11 months ago
එකමුතුවෙන් අනාගතය ගොඩනඟන ලෙස සජිත්ගෙන් නිදහස් දින පණිවිඩයක්

එකමුතුවෙන් අනාගතය ගොඩනඟන ලෙස සජිත්ගෙන් නිදහස් දින පණිවිඩයක්

9 months ago
ආපදාවට ලක් වූ ‍ව්‍යාපාරිකයන්ට ලැබෙන සහන

ආපදාවට ලක් වූ ‍ව්‍යාපාරිකයන්ට ලැබෙන සහන

10 months ago
මහාවිහාරවංශික අමරපුර මහා නිකායට නව නායකත්වයක්

මහාවිහාරවංශික අමරපුර මහා නිකායට නව නායකත්වයක්

5 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology