Reported Journalist:Zamil Shafeek

විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් මහතා සහ එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් මෙන්ම UNDP ආසියා–පැසිෆික් කලාපීය අධ්යක්ෂ කන්නි විග්නරාජා මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් ශ්රී ලංකා විදේශ කටයුතු අමාත්යාංශයේදී පැවැත්විණි.
ශ්රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා UNDP මගින් ලබාදෙන සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි. රජයේ ඩිජිටල්කරණ වැඩසටහන්, පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සහ ශ්රම බලකායේ කුසලතා වර්ධනය ප්රධාන වශයෙන් සාකච්ඡාවට ලක්විය.
මීට අමතරව දේශගුණික මූල්යකරණය, හරිත හා නීල බැඳුම්කර, නව්ය මූල්ය විසඳුම් මෙන්ම සෞඛ්ය හා සංචාරක ක්ෂේත්ර ඇතුළු අංශ රැසක ශ්රී ලංකාවේ සංවර්ධන වැඩසටහන් සඳහා UNDP හි සහයෝගය ලබා ගැනීම සම්බන්ධයෙන්ද දෙපාර්ශවය අදහස් හුවමාරු කර ගත්හ.













Discussion about this post