Reported Journalist:Zamil Shafeek

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමේනිගේ කාර්යාලයට නිල ඉල්ලා අස්වීමේ ලිපියක් ඉදිරිපත් කර ඇතැයි පළවන මාධ්ය වාර්තා ඉරාන බලධාරීන් ප්රතික්ෂේප කර ඇත.
ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සිය ඉල්ලා අස්වීමේ ලිපියේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ( IRGC) විසින් ජනාධිපතිවරයාගේ බලතල සිමා කරමින් රජය පවත්වාගෙන යාමට සහ ඔහුගේ නීතිමය වගකීම් ඉටු කිරීමට නොහැකි මට්ටමේ කරුණු ලබන බලපෑම් හේතුවෙන් ඉල්ලා අස්වීමේ තීරණය ගනු ලැබූ බව සඳහන් කරමින් මීට පෙර විදෙස් මාධ්ය ප්රවෘත්තියක් වාර්තා කර තිබුණි.
කෙසේ නමුත් ඇතැම් මාධ්ය වාර්තා කර ඇත්තේ, ඉරාන රජය ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම ප්රතික්ෂේප කර ඇති අතර මසූඩ් පෙසෙෂ්කියන්ගේ කාර්යාලය විසින් නිල ප්රකාශයක් හෝ යාවත්කාලීන කිරීමක් මෙතෙක් නිකුත් කර නොමැති බවයි.
2024 වර්ෂයේදී ජන්ද මිලියන 16.3 ලබා ගනිමින් ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වූ පෙසෙෂ්කියන් ප්රතිසංස්කරණවාදී අපේක්ෂකු, පුහුණු හෘද ශල්ය වෛද්යවරයකු සහ නීති සම්පාදකයෙකු වේ.













Discussion about this post