Reported Journalist:Zamil Shafeek

ජාතික තරුණ සේවා සභාවේ වසර ගණනාවක් තරුණ සේවා නිලධාරීන් ලෙස සේවය කළ නිලධාරීන් 29 දෙනෙකුට ‘ජ්යෙෂ්ඨ තරුණ නිලධාරී’ තනතුරට උසස්වීම් ප්රදානය කිරීම පසුගිය 31 වැනිදා ජාතික තරුණ සේවා සභා පරිශ්රයේදී සිදු කෙරිණි.
අයදුම්පත් ඇගයීම සහ සම්මුඛ පරීක්ෂණවලින් අනතුරුව සුදුසුකම් සපුරා ඇති නිලධාරීන් මෙම උසස්වීම් සඳහා තෝරාගෙන තිබේ.
මෙම උත්සවය ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණු අතර, සභා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.












Discussion about this post