Reported Journalist:Zamil Shafeek

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා සහ ජනමාධ්ය හා සෞඛ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා අද (03) මල්වතු මහා විහාරයට ගොස් මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමි බැහැදැක අධිකරණ පද්ධතියේ ප්රතිසංස්කරණ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළහ.
එහිදී දීර්ඝ කාලයක් නඩු කල්යෑම, බන්ධනාගාර පද්ධතියේ පවතින ගැටලු සහ ඒවාට රජය ගෙන ඇති හා ඉදිරියේදී ක්රියාත්මක කිරීමට නියමිත විසඳුම් පිළිබඳව දැනුවත් කර ඇත.
අධිකරණ සංඛ්යාව වැඩි කිරීම, ඩිජිටල්කරණය, නව විනිසුරුවරුන් හා කාර්ය මණ්ඩල බඳවා ගැනීම, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු පුළුල් කිරීම සහ විනිසුරුවරුන්ගේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම ඇතුළු ප්රතිසංස්කරණ මෙහිදී අවධානයට ලක්ව තිබේ.
මෙහිදී අදහස් දැක්වූ මල්වතු මහා නාහිමි ප්රකාශ කර ඇත්තේ වසර ගණනාවක් නඩු විභාග ප්රමාද වීමෙන් ජනතාව පීඩාවට පත්වන බැවින් එම තත්ත්වය කඩිනමින් වෙනස් කළ යුතු බවයි. එමෙන්ම අධිකරණ ක්ෂේත්රයට අමතරව අනෙකුත් රාජ්ය නිලධාරීන්ගේ විශ්රාම වයස් සීමාව පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවද උන්වහන්සේ අවධාරණය කළහ.













Discussion about this post