Reported Journalist:Zamil Shafeek

මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු අමාත්යාංශයට අදාළ සේවාවන් සම්බන්ධයෙන් ජනතාවට ඇති ගැටලු සහ පැමිණිලි සෘජුවම ඉදිරිපත් කිරීම සඳහා ‘118’ මහජන ආරක්ෂක සේවා මැදිරිය ආරම්භ කර තිබේ.
නියෝජ්ය අමාත්ය සුනිල් වටගල මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ කළ මෙම සේවාව ඔස්සේ 118 නොමිලේ දුරකථන අංකය හෝ 118.pubsec.gov.lk වෙබ් අඩවිය භාවිත කර ආගමන හා විගමන, සිවිල් ආරක්ෂක ඇතුළු ආයතන සම්බන්ධ පැමිණිලි මෙන්ම මත්ද්රව්ය හා නීතිවිරෝධී ගිනිඅවි පිළිබඳ තොරතුරු ද රහස්යභාවය සුරකිමින් අදාළ බලධාරීන් වෙත යොමු කළ හැකිය.
මෙම වැඩසටහනේ අරමුණ වන්නේ මහජන සේවාවල විනිවිදභාවය හා වගවීම ශක්තිමත් කිරීමයි. අසත්ය තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගන්නා බවද රජය අවධාරණය කරමින්, මෙම පහසුකම වගකීමෙන් භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.













Discussion about this post