Reported Journalist:Zamil Shafeek

මහ බැංකුවේ ඇති මුදල් සියල්ල වෛද්යවරුන්ට ලබාදුන්නත්, රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් සම්පූර්ණයෙන් ඉටු කළ නොහැකි බව සෞඛ්ය නියෝජ්ය අමාත්ය හංසක විජයමුණි මහතා පවසයි.රජයක් ලෙස මෙතෙක් අවම බලයවත් භාවිතා කර නොමැති බවත්, මිනිස් ජීවිත සමඟ සෙල්ලම් කිරීමෙන් වැළකී වහාම රාජකාරියට එක්වන ලෙසත් ඔහු වෛද්යවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය විසින් දිවයින පුරා ක්රියාත්මක කළ පැය 48ක වැඩ වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්ය අමාත්යවරයා මෙම ප්රකාශය සිදු කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, වෛද්යවරුන්ට ගැටළු ඇති බව රජය පිළිගන්නා නමුත්, රාජ්ය ආර්ථික හැකියාවන්ට අනුව ඒවාට විසඳුම් ලබාදෙන බවයි. අවුරුදු සියයකට ආසන්න ඉතිහාසයක් ඇති වෘත්තීය සංගමයක් මෙවන් අසීමිත ලෙස ක්රියාත්මක වීම පිළිබඳව ගැටලුවක් පවතින බවද ඔහු පැවසීය.තවද, තම රැකියා ගැටළු විසඳා ගැනීම සඳහා රෝගීන් භාවිතා කිරීම අනුචිත බවත්, මිනිස් ජීවිත සමඟ සෙල්ලම් නොකරන ලෙසත් නියෝජ්ය අමාත්යවරයා අවධාරණය කළේය.
වර්තමානයේදී සංගමය තමන්ට කළ හැකි උපරිම ක්රියාමාර්ග ගෙන ඇති බවත්, එහෙත් රජයක් ලෙස තවමත් කිසිදු දැඩි බලය භාවිතා කර නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම, වෛද්ය නිලධාරීන්ගේ සංගමය යම් දේශපාලන අරමුණක් වෙනුවෙන් ක්රියාත්මක වන බවට ද ඔහු චෝදනා කළේය.













Discussion about this post