Reported Journalist:Zamil Shafeek

කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට අයත් සංචාරක යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් හය දෙනා ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ, ඔවුන් අද (26) ගම්පහ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.එමෙන්ම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලබන 29 වැනිදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්වීමට ද මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත.












Discussion about this post