• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Education

ළමයින්ට පහර දීම අනාගතය අඳුරු කරයි?-මතභේදාත්මක පර්යේෂණයක සම්පූර්ණ විස්තරය.

JanasayuraAdmin by JanasayuraAdmin
4 months ago
in Education, Goverment, International, News, Political, Sinhala
0
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

Reported by_MUSHARRAF HUSSAIN

ළමයින්ට දඬුවම් කිරීමේ පියවරක් ලෙස ශාරීරිකව පහර දීම (smacking) හේතුවෙන් ඔවුන්ගේ පාසල් ලකුණු අඩු විය හැකි අතර, නව යොවුන් වියට පත්වීමේදී වඩාත් අවදානම් සහගත හැසිරීම්වලට පෙළඹීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් (UCL) හි පර්යේෂකයන් කණ්ඩායමක් විසින් මෙම අධ්‍යයනය සිදුකර ඇත. එහිදී ඔවුන් 2000 සහ 2002 අතර කාලසීමාවේදී එක්සත් රාජධානියේ උපත ලැබූ දරුවන් 19,000 කගේ ජීවිත, ඔවුන්ගේ වයස අවුරුදු 3, 5 සහ 7 යන අවධීන්හිදී නිරීක්ෂණය කරමින් ශාරීරික දඬුවම්වල බලපෑම විශ්ලේෂණය කර තිබේ.මෙම පර්යේෂණය හරහා ළමයින්ට පහර දීමෙන් “කිසිදු යහපතක් සිදු නොවන” බව නිරීක්ෂණය වී ඇති අතර, ඒ අනුව ස්කොට්ලන්තය සහ වේල්සය මෙන් එංගලන්තය සහ උතුරු අයර්ලන්තය ද මෙම ක්‍රියාව නීතියෙන් තහනම් කළ යුතු බවට පර්යේෂකයෝ පෙන්වා දෙති.

කෙසේ වෙතත්, එංගලන්තයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ පහර දීම සම්බන්ධ නීති සංශෝධනය කිරීමට රජයේ ක්ෂණික සැලසුමක් නොමැති වුවද, දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම රජයේ ප්‍රමුඛතම වගකීමක් වන බවයි.

ප්‍රධාන පර්යේෂිකා, සහකාර මහාචාර්ය අන්යා හෙයිල්මන් (Anja Heilmann) මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, පහර දීමෙන් දරුවන්ට කිසිදු යහපතක් සිදු නොවන බවත්, පර්යේෂණයෙන් හෙළි වූ සියලුම ප්‍රතිඵලවලින් පෙනී යන්නේ එය දරුවන්ට හානිකර ලෙස බලපාන බවත්ය.මෙම පර්යේෂණයේදී GCSE සිසුන් 7,559 දෙනෙකුගේ ප්‍රතිඵල ජාතික ශිෂ්‍ය දත්ත පද්ධතිය (National Pupil Database) සමඟ සංසන්දනය කර බලා ඇත. එහිදී කුඩා කල ශාරීරික දඬුවම්වලට ලක්වූ දරුවන්, ඉංග්‍රීසි සහ ගණිතය ඇතුළු විෂයන් සඳහා ලබාගන්නා GCSE සමත් සාමාර්ථ 5 (A*-C) අහිමි කරගැනීමේ සම්භාවිතාව සියයට 5.7 කින් ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය විය.

මීට අමතරව, කුඩා අවදියේදී ශාරීරික දඬුවම් අත්විඳි වයස අවුරුදු 14 ක දරුවන්, අන් අයට හිරිහැර කිරීම (bullying) ඇතුළු අවදානම් සහගත හැසිරීම්වලට පෙළඹීමේ ඉඩකඩ සියයට 33 කින් ඉහළ මට්ටමක පවතින බවද හෙළි වී තිබේ.කෙසේ වෙතත්, මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ දෙමාපියන් සහ පවුල්වල සාමාජිකයන් සැපයූ ප්‍රශ්නාවලි ආශ්‍රයෙන් (Observational Study) බැවින්, පහර දීම සහ මෙම ප්‍රතිඵල අතර සෘජු සබැඳියාවක් පවතින බව ස්ථිරවම ඔප්පු කළ නොහැකි බවද පර්යේෂකයන් පිළිගනී.

මන්දයත්, දරුවෙකුගේ වර්ධන කාලය තුළ ඔවුන්ගේ ජීවිතයට වෙනත් බාහිර සාධක ද බලපා තිබිය හැකි බැවිනි.මේ අතර, කෙන්ට් විශ්වවිද්‍යාලයේ පවුල් සහ මාපිය සබඳතා පිළිබඳ පර්යේෂිකාවක වන මහාචාර්ය එලී ලී (Ellie Lee) පවසන්නේ, මෙම ප්‍රතිඵල පිළිගත හැකි මට්ටමක තිබුණද, ළමා සංවර්ධනයේදී සිදුවන සංකීර්ණ ක්‍රියාවලීන් සඳහා තනි හේතුවක් පමණක් සෙවීමට ඉක්මන් නොවිය යුතු බවයි. දරුවන්ට පහර දීමට පක්ෂව අදහස් දක්වන ‘Be Reasonable England’ ව්‍යාපාරයේ ද සාමාජිකාවක වන ඇය පෙන්වා දෙන්නේ, දරුවන්ට කරුණාවෙන් සැලකීම යහපත් වුවද, ඔවුන් සමාජ නීති රීති සහ සදාචාරය ඉගෙන ගැනීමට නම් පැහැදිලි සීමාවන් තිබිය යුතු අතර, එම සීමාවන් ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතු බවයි.

දැනට පවතින නීතිමය තත්ත්වය අනුව, වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට දෙමාපියන් විසින් ශාරීරික දඬුවම් දීම 2020 වසරේදී ස්කොට්ලන්තය විසින් සම්පූර්ණයෙන්ම තහනම් කරන ලදී. වේල්සය ද 2022 දී එම පියවරම අනුගමනය කළ නමුත්, එංගලන්තය සහ උතුරු අයර්ලන්තය තුළ එය තවමත් නීත්‍යානුකූල මට්ටමක පවතී. මෙම තහනම හරහා දරුවන්ට නීතිමය ආරක්ෂාව ලැබෙන බව ඇතැමුන් පවසන අතර, තවත් පිරිසක් තර්ක කරන්නේ මේ නිසා සාමාන්‍ය දෙමාපියන් වැරදිකරුවන් බවට පත්වීමේ අවදානමක් ඇති වන බවයි.සැල්ෆර්ඩ් හි ‘බේබි කොලේජ්’ හි හිමිකාරිනිය වන ඒමි වුඩ්ස් ප්‍රකාශ කරන්නේ එංගලන්තය තුළද මෙම තහනම වහාම ක්‍රියාත්මක විය යුතු බවයි. කුඩා වයසේදී ප්‍රචණ්ඩත්වය වෙනුවට දරුවන්ට ආදරය සහ සුරක්ෂිත සබඳතා අවශ්‍ය බව ඇය පවසයි.

තම මාස 10 ක් වයසැති පුත් ජෝෂුවා සමඟ ක්‍රීඩා කණ්ඩායමට සහභාගී වන සාරා නමැති මවක්ද ප්‍රකාශ කළේ, දරුවෙකු වැරැද්දක් කළ විට (උදාහරණයකට වෙනත් අයෙකුට පහර දුන් විට), අප ඔවුන්ට පෙරළා පහර දීමෙන් ඔවුන් කරන්නේ වැරැද්දක් යන පණිවිඩය නිවැරදිව තහවුරු නොවන බවයි.

මෙම UCL අධ්‍යයනයේ තවත් විශේෂත්වයක් වන්නේ, 2021 වසරේ දත්ත අනුව වයස අවුරුදු 10 ක දරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු (1/5) යම් ආකාරයක ශාරීරික දඬුවමකට ලක්ව ඇති බව හෙළි වීමයි. එමෙන්ම ඉහළ අධ්‍යාපන මට්ටම් ඇති මවුවරුන් දරුවන්ට ශාරීරික දඬුවම් දීමට ඇති ඉඩකඩ අඩු බවද එහි දැක්වේ.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උතුරු අයර්ලන්තයේ අධිකරණ අමාත්‍ය නයෝමි ලෝන්ග් (Naomi Long) කියා සිටියේ, දරුවන්ට පහර දීමට පවතින “සාධාරණ දඬුවම්” (reasonable punishment) නමැති නීතිමය ප්‍රතිපාදනය ඉවත් කිරීමට තමා පූර්ණ සහයෝගය දක්වන බවයි.

පසුගියදා උතුරු අයර්ලන්ත පාර්ලිමේන්තු පනත් කෙටුම්පතකින් මෙම යෝජනාව ඉවත් කෙරුණද, තමා දිගටම ඒ වෙනුවෙන් පෙනී සිටින බව ඇය පවසයි. ඇය වැඩිදුරටත් අවධාරණය කළේ, මෙමඟින් දෙමාපියන් අපරාධකරුවන් කිරීමක් සිදු නොවන අතර, එහි සැබෑ අරමුණ දරුවන් ශාරීරික අපයෝජනයෙන් ආරක්ෂා කරමින් ධනාත්මක මාපිය සබඳතා සඳහා දෙමාපියන් දිරිමත් කිරීම බවයි.

_

Previous Post

Historic GOH Opens Dedicated Venue for FIFA World Cup 2026 Screenings

Next Post

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට මාර්ගය සකස් වෙයිද?

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට මාර්ගය සකස් වෙයිද?

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට මාර්ගය සකස් වෙයිද?

Discussion about this post

RECOMMENDED NEWS

Mastercard Becomes Title Sponsor for Sri Lanka–Nepal Diplomatic Relations 69th Anniversary Celebration

Mastercard Becomes Title Sponsor for Sri Lanka–Nepal Diplomatic Relations 69th Anniversary Celebration

3 months ago
ශෂී වීරවංශගේ අභියාචනය ප්‍රතික්ෂේපයි – වසර 2ක සිර දඬුවම තහවුරු වෙයි

ශෂී වීරවංශගේ අභියාචනය ප්‍රතික්ෂේපයි – වසර 2ක සිර දඬුවම තහවුරු වෙයි

5 months ago
කොළඹ උද්ධමනය ඉහළට

කොළඹ උද්ධමනය ඉහළට

12 months ago
ශීත කාලගුණයත් සමඟ වෛරස් රෝග ව්‍යාප්තිය ඉහළට

ශීත කාලගුණයත් සමඟ වෛරස් රෝග ව්‍යාප්තිය ඉහළට

9 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology