Reported Journalist:Zamil Shafeek

යාපනය පේදුරුතුඩුව මූලික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය සඳහා රුපියල් මිලියන 212ක වියදමින් ඉදිකිරීමට නියමිත සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයට මුල්ගල තැබීම සෞඛ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් සිදුකෙරිණි.
උතුරු පළාත් සභාවේ අරමුදල් යටතේ ක්රියාත්මක ව්යාපෘතිය මගින් හෙද කාර්ය මණ්ඩලයේ 50කට ආසන්න පිරිසකට නේවාසික පහසුකම් සැලසීමට නියමිතය.
ඉදිකිරීම් ලබන වසරේ ජූලි මාසය වනවිට අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර, රෝහලේ හෙද කාර්ය මණ්ඩලයට දිගුකාලීනව පැවති නේවාසික පහසුකම් හිඟයට විසඳුමක් ලබාදීම මෙහි අරමුණයි.
උතුරු පළාතේ සෞඛ්ය පහසුකම් සංවර්ධනය සඳහා තවත් ව්යාපෘති රැසක් ක්රියාත්මක කර ඇති බවද අමාත්යවරයා සඳහන් කළේය.












Discussion about this post